
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ඉරානය, මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය 13 වැනිදාය. මෙය ඉරානය, සෘජුව ඊශ්‍රායලයට එල්ල කළ පළමු ප්‍රබල ප්‍රහාරයයි.
ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබුණු අතර, ඊශ්‍රායලය පවසා ඇත්තේ ‘සුදුසු වෙලාව’ උදා වූ සැණින්, ඉරානයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන බවය. ඉරාන ජනාධිපති රයිසි, ඊට ප්‍රතිචාර දෙමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉරානය සූදානම් බවය.
ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට පලිගැනීමක් ලෙසය.
හටගත් අර්බුදකාරී තත්ත්වය තවත් ඔඩුදුවන්න නොදී සමතයකට පත් කර ගතයුතු යැයි රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගෙන් ඉල්ලීමක් කළේය. රුසියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතී. රුසියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා වර්ධනය කිරීමට හේතුවක් වී ඇත්තේරුසියාව සහ ඉරානය ඇමෙරිකා විරෝධීන් වීමය. ඇමෙරිකාවෙන් රුසියාවටත් ඉරානයටත් සම්බාධක පැනැවීම් සිදු කර ඇත.
ඉරාන ඊශ්‍රායල අර්බුදය, ලෝක යුද්ධයක් තෙක් වර්ධනය වුවහොත්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ බටහිර රටවල් ඊශ්‍රායලයට සහාය දක්වද්දී, රුසියාව, චීනය, උතුරු කොරියාව ආදී රටවල් සෘජුව හෝ වක්‍රව ඉරානයේ සහායට පැමිණෙනු ඇත. එවැනි ලෝක යුද්ධයක් හටගත්තොත්, එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වනු ඇති බවට යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
Sudu madusanka Prasad Saturday, 26 October 2024 02:42 PM
නියමයි...!