
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. ඒ, තුනෙන් දෙකක බහුතර බලයක් ද සමඟය.
මාලදිවයින පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘මජ්ලිස්’ යනුවෙනි. ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ පාර්ලිමේන්තුවේ ආසන 93 න් 90 ක් වෙනුවෙන් තරග කළේය. ආසන 86 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී, ‘ජනතා ජාතික කොංග්‍රසය’ ආසන 66 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය.
ලැබූ මෙම ජයග්‍රහණය ජනාධිපති මොහොමඞ් මුයිසුට ඔහුගේ ඉන්දීය විරෝධී ස්ථාවරය ඉදිරියට ගෙන යෑමට වාසියක් වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවීමත් සමඟ ඉන්දීය විරෝධී පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ද ජනාධිපති මුයිසුට පහසුවෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd