IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනාය. ගුජරාට ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන් බිෂ්නෝයි නමැති අපරාධ කල්ලියට සම්බන්ධ බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. පසුගිය14 වැනිදා අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් විසින් මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබා පළාගොස් තිබුණි.

මෙම වෙඩි ප්‍රහාරයත් සමග සල්මන්ගේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර නිවසින් පිටව යන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙසට ද දැනුම්දී තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මරණ තර්ජන හේතුවෙන් සල්මන් ඛාන් හට අත්‍යවශ්‍ය කටයුතුවලට හැර සිය නිවසින් පිටතට නොයන ලෙසද ආරක්ෂක අංශ දැනුම්දී ඇති බවය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන්වලට චෝදනා එල්ලවී සිටින කුප්‍රකට බිෂ්නෝයි කල්ලිය මීට පෙර ද සල්මන්ට තර්ජනය කර තිබුණි. 



අදහස් (0)

සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site