IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උතුරු සුලවේසී ප්‍රාන්තයට අයත්, සැංගී දූපත් සමූහයේ, කිලෝ මීටර් 4 ක් පමණ පළල එක් කුඩා දූපතකය.

මීටර් 725 ක් උස ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යද්දී මුහුද කැලඹුණු බැවින්, අසල්වැසි දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමට ද ඉන්දුනීසියානු බලධාරීහු පියවර ගත්හ.  ගිනි කන්ද පෙරේදා (16) සිට සෙමින් සෙමින් පුපුරා යෑමට පටන් ගත් බැවින්, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිව සිටි 11,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

දුම් වලා පිටවීමට පටන් ගත් බැවින්, ගිනි කන්දට ඉහළින් ගුවන් ගමන් කටයුතු ද නවතා දැමුණි. ගිනි කන්දෙන් නිකුත් වුණු දුමාරය ඊයේ (17) වනවිට කිලෝ මීටර් ගණනාවක් දුරට පැතිරෙන්න වූ බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේය.

‘රුවන්ග්’ ගිනි කන්ද 1871 වසරේ දී පුපුරා ගියේය. එම අවස්ථාවේදී ගිනි කන්දේ කොටස් මුහුදට කඩා වැටී සුනාමි රළ හටගත්තේය. එම සුනාමි රළවලින් අවට දූපත්වලට හානි සිදුවුණු බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site