ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ප්‍රංශයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් පමණක් නොව, මැක්රොන්ගේ බිරිඳ වන බ්‍රිජෙත් ත්රොග්නෝව්ගෙන් ද හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 16 June 2026
හෙලිකොප්ටර් දෙකක් එකිනෙක හැපිලා බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයට ඉහළින් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 6 කි. එක් හෙලිකොප්ටරයක පස් දෙනකු සිටි අතර අනෙක් හෙලිකොප්ටරයේ වූයේ එහි නියමුවා පමණි. 15 June 2026
ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටිලා ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ බේට්ස් ප්‍රාන්තයේ ගුවන්තොටුපොළක් ආසන්නයේ සිදුවුණු ගුවන් යානා අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ බට්ලර් ගුවන්තොටුපොළ ආසන්නයේය. 15 June 2026
ට්‍රම්ප්ගේ උපන් දිනය දා ධවල මන්දිරයේ ‘සටනක්’ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගයක් පැවැත්විණි. 15 June 2026
මෝදි ස්ලොවේකියාවේ සිය යුරෝපීය සංචාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්ලොවේකියාවේ බ්‍රැටිස්ලාවා අගනුවරට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ස්ලොවේකියාවට පැමිණියේ, ස්ලෝවැකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ විශේෂ ආරාධනයකට අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලොවේකියාවේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. 15 June 2026
සාම වැඩපිළිවෙළට කටාරයත් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම අවසන් කිරීමට සහය වීම සඳහා කටාර් සාකච්ඡාකරුවන් ඉරානයට පැමිණ ඇති බවට වාර්තා වෙයි. 15 June 2026
සාම එකගතාව ඉරානයත් තහවුරු කරයි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් ඓතිහාසික සාම එකඟතාවය පිළිබඳව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහලේකම් කාර්යාලය ද නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත. 15 June 2026
සාම ගිවිසුමට අත්සන් තැබීම සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද නිල වශයෙන් නිවේදනය කර ඇත. 15 June 2026
සටන් විරාම ගිවිසුම සම්පූර්ණයි ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම සාර්ථක බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි. 15 June 2026
ට්‍රම්ප්ට සුබ උපන් දිනයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන් දිනය (අද) ජූනි 14 වැනිදාට යෙදී ඇත. ඇමෙරිකාවට ජූනි 14 උදාවන්නේ හෙට දිනයේය. 14 June 2026
ජී7 සමුළුව හෙට ඇරැඹේ ලෝකයේ බලවත් රටවල එකමුතුව හෙවත් ’ජී7’ රාජ්‍ය නායක හමුව හෙට (15) ප්‍රංශයේ දි ආරම්භ වෙයි. සමුළුව අනිද්දා (17) තෙක් ප්‍රංශය ස්විට්සර්ලන්ත දේශසීමාවේ ප්‍රංශයට අයත් ජිනීවා විල ආසන්නයේ පිහිටි නිවාඩජු නිකේතනයකදී පැවැත්වෙයි. 14 June 2026
ඇමෙරිකා ඉරාන අවබෝධතා ගිවිසුම අද? ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමකට අද (14) අත්සන් කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත. විදෙස් මාධ්‍ය විශ්වාසය පළ කර ඇත්තේ අද (14) මෙම අවබෝධතා ගිවිසුම අත්සන් නොකළත්, ඉදිරි දින කීපයේ දී එය අත්සන් කෙරෙනු ඇති බවය. 14 June 2026
පාප්තුමා කැනේරි දූපතේ සංචාරයක ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා කැනේරි දූපත් බලා ගියේය. කැනේරි දූපත් යනු ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයකි. පිහිටා ඇත්තේ අප්‍රිකාවට වයඹ දෙසිනි. 12 June 2026
කොංගෝ කණ්ඩායම ඇමෙරිකාවට සති තුනක නිරෝධායනයකින් පසු කොංගෝ පාපන්දු කණ්ඩායම ඇමෙරිකාව බලා පැමිණියේය. කොංගෝ පාපන්දු කණ්ඩායම නිරෝධායනයට ලක් කෙරුණේ බෙල්ජියමේදීය. ඒ ඔවුන් පාපන්දු තරගාවලියට සහභාගී වීමේ අරමුණින් යුරෝපය හරහා ඇමෙරිකාව බලා යද්දීය. 12 June 2026
මාරක විෂක් කාන්දුවෙලා පෙන්ටගනයේ කලබලයක් ඇමෙරිකන් ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයේ කලබලයක් හටගත්තේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාරක විෂ වායු කාන්දු හේතුවෙන් මෙම කලබලය හටගත් බවය. 12 June 2026
සාම දර්ශකයේ ශ්‍රී ලංකාව 67 වැනි තැනට වාර්ෂික ගෝලීය සාම දර්ශකය ප්‍රසිද්ධියට පත් කළ අතර, දකුණු ආසියානු කලාපය තුළ සාමකාමීත්වය අතින් ඉහළින්ම සිටින දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබේ. 11 June 2026
ඇමෙරිකාව ඉරානය යළි ඇවිලෙයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලඇණියේ ඉලක්කවලට පහර දෙන්නැයි ඇමෙරිකන් හමුදා මෙහෙය වූයේ ඉරානයේ හිතුවක්කාරකම් මට්ටු කළ යුතුයි අවධාරණය කරමිණි. 11 June 2026
ආටිමිස් 3 සිවුදෙනා නම් කෙරේ ‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ඇමරිකාවේ නාසා (NASA) ආයතනය, සඳට යැවීඹට සූදානම් වන ගගනගාමීන් සිවුදෙනා හඳුන්වා දීම ඊයේ (9) සිදුවිය. 10 June 2026
පිලිපීන භූමිකම්පාවෙන් මියගිය ගණන 32 ක් භූමිකම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර, බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බව පැවැසෙයි. 09 June 2026
පැසිපන්දු තරගයට ගිය ට්‍රම්ප්ට ‘හූ’ කියලා නිව්යෝක් නුවර, පැසිපන්දු තරගයක් නැරැඹීමට ගිය ඇfරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, තරගය නැරැඹීමට පැමිණි සෙසු ප්රේක්ෂකයන්ගෙන් අප්‍රසාදය එල්ල විය. ඇමෙරිකන් ජනාධිපතිවරයා තරගය නැරැඹුවේ ‘හූ’ හඬ මධ්‍යයේ යැයි මාධ්‍ය වාර්තා කරයි. 09 June 2026
දකුණු කොරියාවට පළමු වරට අගමැතිවරියක් දකුණු කොරියා ජනාධිපති ලී ජේ-මියුන්ග්, එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 09 June 2026
පාප්තුමා ස්පාඤ්ඤයේ 14 වැනි ලියෝ පාප්තුමන් ස්පාඤ්ඤයේ නිල සංචාරයක නියැලෙයි. පාප්තුමන්ගේ සහභාගීත්වයෙන්, ඉරිදා (7) දිනයේ මැඩ්රිඩ් අගනුවර විවෘත දේව මෙහෙයක් පැවැත්විණි. එම දේව මෙහෙයට මිලියනයකට අධික ජනකායක් ඊට සහභාගී වූ බව වතිකානය පවසයි. 09 June 2026
නෝර්වේ කුමරිය පොරොත්තු ලේඛනයේ සුව කළ නොහැකි පෙනහලු රෝගයකින් පෙළෙන, නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය, පෙනහළු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයට ඇතුළත් කර තිබේ. 09 June 2026
චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක් දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ (8) උතුරු කොරියාවට පැමිණියේය. 09 June 2026
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් මේවනවිට නීතිමය ගැටලු රැසතට මුහුණ දී සීටින බව වාර්තා වේ. 02 June 2026
ට්‍රම්ප්ගේ අරමුදලට අධිකරණය හරස් වෙයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රජයේ ආයතනවලින් අසාධාරණයට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා වෙන් කළ ඩොලර් බිලියන 1.8 අරමුදලට ඇමෙරිකන් අධිකරණය හරස් විය. මෙම වන්දි ගෙවීම තාවකාලිකව තහනම් කරන්නැයි වර්ජිනියා ජනපදයේ, නැගෙනහිර දිස්ත්‍රික් සිවිල් අධිකරණ විනිසුරු ලියෝනි බ්රින්කේමා නියෝග කර ඇත. 01 June 2026
කොංගෝවේ ඉබෝලා දරුණුයි අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වයිරස වසංගතය දිනෙන් දින ඔඩුදුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේවනවිට කොංගෝවෙන් ඉබෝලා මරණ 223 ක් වාර්තා වී ඇති බවය. ඉබෝලා ආසාදියන් ගණන 906 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි. 01 June 2026
ඉතිරි දෙදෙනා බේරාගැනීමට වර්ෂාවෙන් බාධා ලාඕසයේ භූගත ගුහාවක දින 10 කට වැඩි කාලයක් සිරවී සිටි ගම්වැසියන් හත් දෙනාගෙන් පස්දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත් වුවත් ඉතිරි දෙදෙනා බේරා ගැනීමට දැඩි වර්ෂාපතනය බාධාවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 01 June 2026
මියන්මාර ජනාධිපති ඉන්දියාවේ සංචාරයක මියන්මාර ජනාධිපති මිංග් අවුන්ග් ලයිංග් පස් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් ජනාධිපති මිංග් අවුන්ග් ලයිංග්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. මියන්මාර ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි. 01 June 2026
ඉබෝලා මට්ටු කරන්න රුසියාවෙන් එන්නතක් කොංගෝ රටින් හිස එසවූ නව ඉබෝලා වයිරස ප්‍රභේදයට, සාර්ථක එන්නතක් නිපදවීමට තම විද්‍යාඥයන් සමත් ව ඇතැයි දකුණු අප්‍රිකාවේ රුසියන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 28 May 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026