පේරු මෙක්සිකෝ හිතවත්කම් අවසන් මෙක්සිකෝව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැමීමට පේරු රාජ්‍යය කටයුතු කර ඇත. ඒ, 2022 වසරේ සිදුවූ බව කියන රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ උත්සාහයකට අදාළව, නඩු විභාගයකට මුහුණ දෙන හිටපු පේරු අග්රාමාත්යවරියකට මෙක්සිකෝව සරණාගතභාවය ලබා දීම සම්බන්ධයෙනි. 04 November 2025
සෞදි කුමරු සල්මාන් ට්‍රම්ප් හමුවන්න එනවා සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, ලබන 18 වැනිදා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 04 November 2025
අඩුආදායම්ලභී පවුල්වලට ලබාදෙන ආහාර ආධාර නවතී නව මූල්‍ය වර්ෂයට අදාළ අයවැය සම්මත කර ගැනීමට නොහැකිවීමෙන්, ඇමෙරිකා රජයේ කටයුතු දිනෙන් දින අඩපණ වෙමින් පවතී. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, මේවනවිට එරට අඩු ආදායම්ලාභී මිලියන 24 කට ලබා දෙන ආහාර ආධාර නැවැත්වීමට රජයට සිදුවී ඇති බවය. 04 November 2025
ධවල මන්දිරයට එන්නැයි සිරියානු ජනපතිට ඇරැයුමක් සිරියානු ජනාධිපති ලෙස කටයුතු කරන අහමද් අල් ෂාරා ධවල මන්දිරයට පැමිණීමට නියමිතය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුව යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 03 November 2025
වායු දූෂණය ඉහවහා යයි: නවදිල්ලි වැසියන්ට අනතුරු නිදන්ගත හෘද රෝග සහ ශ්වසන ආවාධ ඇති පුද්ගලයන්ට වායු දූෂණය අහිතකර වනු ඇති බවත්, හැකි නම් එවැනි අවදානම් සහිත පුද්ගලයන් තාවකාලිකව නගරයෙන් බැහැරව සිටීම වඩා සුදුසු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 03 November 2025
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 16 ක් මියයති ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නයේ සිදුවුණු බස් රථ අනතුරින් 16 දෙනෙකු මියගිය බවත්, 15 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 03 November 2025
මෙක්සිකෝවේ පිපිරීමකින් 23 ක් මරුට: 12 ක් රෝහලේ උතුරුදිග මෙක්සිකෝවේ, සොනෝරා ප්‍රාන්තයේ, හර්මොස්සිලෝ නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් 23 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. 03 November 2025
ඇෆ්ගන් භූමිකම්පාව 10 ක් බිලිගනී උතුරුදිග ඇෆ්ගනිස්තානය, රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලඹිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවෙන් 10 දෙනකු මියගිය බවත්, 260 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්ය. 03 November 2025
එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමක් එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයන් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 02 November 2025
ටැන්සිනියාවේ විරෝධතා ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි. 01 November 2025
චීනයෙන් ගගන මෙහෙයුමක් ටිඇන්ගොන් නමින් නම් කළ චීන අභ්‍යවකාශ නැවතුම්පොළේ තවත් ඉදිකිරීමේ මෙහෙයුමක් ආරම්භ විය. ඒ සඳහා ’ෂෙන්සූ-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියක් කෙරුණු බව පැවැසෙයි. 01 November 2025
ලොව විශාලතම පුරාවිද්‍යා ඊජිප්තුවේ 1992 දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි. 01 November 2025
ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇති බවය. 01 November 2025
එෆ්.බී.අයි අධ්‍යක්ෂකට චෝදනාවක් ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පැවැති රෙස්ලිං ක්‍රීඩා තරඟයකදී ගායනයක් සිදුකළ පෙම්වතිය බැලීමට යාමට අධිකරණ දෙපාර්තමේන්තුවට අයත් ඩොලර් මිලියන 60 ක වටිනාකමින් යුත් ගුවන් යානයක් භාවිත කළ බවට එෆ්.බී.අයි අධ්යක්ෂ කෑෂ් පටෙල්ට චෝදනා එල්ල වී ඇත. 31 October 2025
ඇන්ඩෲ කුමරුන්ගේ ‘කුමරු’ පදවිය අහෝසියි බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුන්ගේ ‘කුමරු’ යන පදවිය ඉවත් කිරීමට තෙවැනි චාල්ස් රජු පියවර ගෙන ඇත. ඒ, 65 හැවිරිදි ඇන්ඩෲ කුමරුන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි. 31 October 2025
ඉන්දීය ජනපති ප්‍රහාරක යානයකට ගොඩවෙලා ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, එරට ගුවන් හමුදාව සමඟ එක් වී, ගුවන් හමුදාව සතු රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් ගමනකට එක් වූවාය. 30 October 2025
ට්‍රම්ප් දකුණු කොරියාවේ ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දකුණු කොරියාව බලා පැමිණියේය. මෙය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ අවසන් නැවතුම ද වෙයි. 29 October 2025
බ්‍රසීලයේ අපරාධ කල්ලි පොලිසිය සමඟ ගැටෙයි බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයේ උතුරු දෙසින් ක්‍රියාත්මක සන්නද්ධ අපරාධ කල්ලියක් ලෙස ප්‍රසිද්ධ, ‘රෙඩ් කොමාන්ඩ් ගෑන්ග්’ කල්ලියේ සාමාජිකයන්ට එරෙහිව බ්රදීල පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. 29 October 2025
සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි කෙන්යාවේ සංචාරකයන් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 11 දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 29 October 2025
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේය. 29 October 2025
උතුරු කොරියා නායකයා හමුවන්න ට්‍රම්ප් සූදානම් ආසියානු සංචාරය අතරතුරේ, තමන් උතුරු කොරියා නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 28 October 2025
ට්‍රම්ප් ජපන් අගමැතිනිය හමුවෙයි ජපානයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට නව අග්‍රාමාත්‍යවරිය වන සනෙයි ටකයිචී හමුවිය. ටකයිචී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ඇය හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා වීම විශේෂත්වයකි. 28 October 2025
ලිතුවේනියා බෙලරූස් දේශසීමා වසයි ලිතුවේනියාව බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට සැලසුම් සකස් කර ඇති බව ලිතුවේනියානු අගමැතිනී ඉන්ගා රූගිනියෙනේ පවසයි. 28 October 2025
ලොව වයස්ගතම ජනපතිට තවත් ජන වරමක් කැමරූන් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පෝල් බීයා අඛණ්ඩව අටවැනි වරටත් තේරී පත් පත්විය. අවුරුදු 92 ක් වයසැති පෝල් බීයා ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා ද වෙයි. 28 October 2025
ඇමෙරිකන් ජනපති ජපානයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැති 47 වැනි ‘ආසියාන්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය. 27 October 2025
සාම කතා බිඳ වැටුණොත් ඇෆ්ගනිස්තානයට ගහනවා ඇෆ්ගනිස්තානය සමඟ සාම සාකච්ඡා බිඳ වැටුණහොත්, එරට සමඟ යුද වැදීමට පාකිස්තානය ඕනෑම අවස්ථාවක සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් අනතුරු අගවා ඇත. 27 October 2025
රුසියන් බැලැස්ටික මිසයිලය සාර්ථකයි ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි. 27 October 2025
ඇමෙරිකන් හෙලිකොප්ටරයක් ප්‍රහාරක ජෙට් යානයක් මූදට වැටිලා ඇමෙරිකන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරු සිදුවී ඇත්තේ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුරේය. 27 October 2025
ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ ද සාකච්චා පැවැත්විණි. 27 October 2025
තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුමට අස්සන් කෙරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 47 වැනි ආසියාන් සමුළුවට සමගාමීව, ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්රහීම්ගේ මැදිහත් වීමෙන් තායිලන්ත කාම්බෝජ සාම වැඩපිළිවෙළට අත්සන් තැබුණි. 27 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026