
සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි රෝසමන්ඩ් පයික් අග්‍රාමාත්‍යවරිය හමුවේ පැහැදිලි කළාය. රෝසමන්ඩ් පයික් ජනප්‍රිය රංගන ශිල්පිනියක පමණක් නොවෙයි, මයිනින් ඇඩ්වයිසරි ගෲප් (Mines Advisory Group - MAG) කණ්ඩායමේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස ද කටයුතු කරයි.
රෝසමන්ඩ් පයික්, අග්‍රාමාත්‍යවරිය හමුවීමට පෙර උතුරේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළාය. බිම් බෝම්බ ඉවත් කිරීමේ අවදානම් මෙහෙයුම්වල නියැලෙන සිංහල දෙමළ සියලු දෙනා හමුවී ඇය සුහඳව කතාබහ කිරීමට ද අමතක කළේ නැත.
බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින සේවක සේවිකාවන්ගේ කැපවීම ඇගයීමට ලක් කෙරුණි. බිම් බෝම්බ අනතුරු බහුල ප්‍රදේශවල පාසල්වල පැවැත්වුණු බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ද එක් වූවාය.
බිම්බෝම්බ තිබුණු භූමි ප්‍රමාණයෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර අවසන්ය. ඒ අනුව, යුද්ධය නිසා අවතැන් වූ ලක්ෂ 10 කට ආසන්න ජනතාවකට නැවත තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචි වීමට අවස්ථාව හිමි වී ඇත. තවමත් බිම් බෝම්බ අනතුරු කලාප ලෙස ඉතිරි වී ඇත්තේ වර්ග කිලෝමීටර් 20.8 ක වැනි කුඩා භූමි ප්රමාණයකි.
එම භූමියේ ද බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රතිපාදන දෙගුණ කරමින් ඉදිරි සිවු වසර ඇතුළත ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම පියවර ගන්නා බව රෝසමන්ඩ් පයික් පෙන්වා දී ඇත.
ඒ අනුව බිම්බෝම්බ තර්ජනවලින් මිදෙන ලොව මුල්ම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වීමට නියමිතය. ඉන්පසු උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කිරීමට ඉදිරියේදී මග පෑදෙනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd