‘එපා’ කීවොත් ජනපති සටනින් ඉවත් වෙනවා වෛද්‍ය උපදෙස් මත, එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 18 July 2024
බයිඩන්ට කොවිඩ් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය. 18 July 2024
සඳේ ගුහාවක් හමුවෙලා සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. 17 July 2024
අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි. 17 July 2024
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බවත් පැවැසෙයි. 17 July 2024
අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ. 17 July 2024
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වන බව සීක්රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය අනතුරු අඟවා තිබේ. 17 July 2024
චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි. 16 July 2024
ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස් ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය. 16 July 2024
බංග්ලාදේශයේ සිසු ගැටුමක්: 100 ක් රෝහලේ රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්වන සිසුන් පිරිසක් අතර ගැටුමක් ඩකා අගනුවර සිදුවුණු අතර පොලිසිය පැවැසුවේ එයින් සිසුන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවය. 16 July 2024
උඩ යැවූ චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට වැටෙනවා ස්පේස් එක්ස් සමාගම, ඔවුන්ගේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක් පෘථිවි කක්ෂයට රැගෙක ගිය චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට කඩා වැටීමේ අවදානමක් පවතින බව පැවැසෙයි. 15 July 2024
ට්‍රම්ප් කතාව වෙනස් කරලා ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදුවෙයි. 15 July 2024
වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය. 15 July 2024
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී. 15 July 2024
වෙඩික්කරුගේ අරමුණ තවමත් පැහැදිලි නැහැ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයෝ පවසති. 15 July 2024
එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති ‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 15 July 2024
වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි. 14 July 2024
ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි. 14 July 2024
වෙඩික්කරු හිටියේ වහලේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිටය. 14 July 2024
ප්‍රහාරය හෙලා දකී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත. 14 July 2024
මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !! හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක් අමතමින් සිටිද්දීය. 14 July 2024
තිරිසන් ක්‍රියාවක් ! මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 14 July 2024
ට්‍රම්ප්ට වෙඩි තියලා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 14 July 2024
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 130 කට වැඩිය. 13 July 2024
ටෙනිස් තරඟය නරඹන්න කේට් එනවා විම්බල්ඩන් ටෙනිස් අවසන් තරඟය ලන්ඩන් නුවරදි පැවැත්වෙන අතර, එය නැරැඹීමට වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය පැමිණෙනු ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ. 13 July 2024
චාල්ස් රජු ඇමෙරිකාවෙන් නිවසක් අරන් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඇමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයෙන් සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බව පැවැසෙයි. මෙම නිවස චාල්ස් රජු මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 6.63 කටය. 13 July 2024
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 13 July 2024
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප දෙනකු ද සිටින බව පැවැසෙයි. 12 July 2024
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය. 12 July 2024
ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිගු දුර මිසයිල ජර්මනියට ලබා දීමට ඇමෙරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය එල්ල වී ඇත. 12 July 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026