IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකන් ජනපද4 ක ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක්

ඇමෙරිකන් වැසියන් ඡන්දය ප්‍රකාශ කරද්දී, ඇමෙරිකන් ජනපද හතරක, ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක් හටගත්තේය. 

ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගත් බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුවලට බාධා එල්ල විය.
බෝම්බ බිය හටගත්තේ ජෝර්ජියා, මිචිගන්, ඇරිසෝනා සහ විස්කොන්සින් යන ජනපදවල ඡන්ද මධ්‍යස්ථාන හතරකය.

බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් නිල සුනඛයන් ද සමඟ එම මධ්‍යස්ථාන උඩු යටිකුරු කරමින් සෝදිසි කළත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු වූයේ නැත. 

බෝම්බ තර්ජන එල්ල වූයේ ඊ මේල් පණිවුඩ ලෙසිනි. එම ඊ මේල් පණිවුඩ එවා ඇත්තේ රුසියාවෙන් යැයි මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත. බෝම්බ ඇතැයි පැවැසීම, රුසියාව ඇමෙරිකන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක් යැයි ආරක්ෂක අංශ චෝදනා කරයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකන් ජනපද4 ක ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site