ට්‍රම්ප්ගේ ඇමතුම් මෝදි මඟ හැරලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අවස්ථා හතරකදී ඇමතුම් ලබා දුන් නමුත් මෝදි ට්‍රම්ප්ගේ ඇමතුම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 28 August 2025
පලස්තීනය වෙනම රාජ්‍යයක් විදියට පිළිගන්නේ නෑ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා ලෙස ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස් පවසයි. ජර්මන් චාන්සලර්වරයා මෙසේ පැවසුවේ, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි සමග ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 28 August 2025
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ, මිනියැපොලිස් නගරයේ කතෝලික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, දරුවෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබු ගණන 17 කි. 28 August 2025
ටේලර් ස්විෆ්ට මංගල සීනු ලොව සුපතල ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සහ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් විවාහ ගිවිසගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 28 August 2025
දකුණු කොරියන් ජනපති ඇමෙරිකන් ජනපති හමුවෙයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් අතරේ සාකච්ඡා, ධවල මන්දිරයේ දී පැවැත්විණි. 26 August 2025
මිනිස් මාංශ බුදින පණුවෙක් ඇමෙරිකාවේ මිනිස් සිරුරේ තුවාලවල වැඩෙමින්, මිනිස් මාංශ ආහාරයට ගත් ‘ස්කෲවර්ම්’ වර්ගයේ පරයෝෂිත පණුවකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 26 August 2025
පාකිස්තාන විදේශ ඇමති බංග්ලාදේශයේ පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්, බංග්ලාදේශයේ නිල සංචාරයක් ආරම්භ කරමින් ඩකා අගනුවරට පැමිණියේය. 26 August 2025
ගාස ඊශ්‍රායල යුද්ධය සති 3 කින් අවසන් ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව ගෙන යන යුද්ධය, තව සති තුනකින් අවසන් වනු ඇතැයි තමන්ට සහතියක් ලබා දිය හැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 26 August 2025
රුසියාව යුක්රේනය යුද සිරකරු හුවමාරුවක රුසියාව සහ යුක්රේනය අතරේ යුද සිරකරුවන් හුවමාරුවක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර යුද සිරකරුවන් 146 දෙනකු බැගින් හුවමාරු වූ බවය. 26 August 2025
ජිහාද් ත්රස්තයෝ 35 ක් මරුට නයිජීරියා ගුවන් හමුදාව, කැමරූන් දේශසීමාව අසල ඉස්ලාමීය ජිහාද් ත්රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. නයිජීරියා හමුදාව පසුව පැවැසුවේ, එම ප්‍රහාරවලින් ත්රස්තවාදීහු 35 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බවය. 25 August 2025
උතුරු කොරියා සෙබළුන් සිහි කෙරේ රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට ගොස්, යුක්රේන ප්‍රහාරවලින් මියගිය උතුරු කොරියා සොල්දාදුවන් සිහි කරමින්, ඔවුන් ඇගයීමට, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කළේය. 25 August 2025
ෆීජි අගමැති ඉන්දියාවේ ෆීජි අග්‍රාමාත්‍ය සිතේවනි රබූකා, තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවටය පැමිණියේය. නවදිල්ලියට පැමිණි ෆීජි අග්‍රාමාත්‍යවරයාට ඉන්දීය රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අග්‍රාමාත්‍ය සිතේවනි රබූකා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නෙරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. 25 August 2025
රුසියන් ප්‍රහාර මැද යුක්රේනය නිදහස සමරයි රුසියන් යුක්රේන යුද ගැටුම් මැද, යුක්රේනය ඔවුන්ගේ 34 වැනි නිදහස් දිනය සැමරුවේය. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වූ අතර, සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දී, නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ඒ 1991 වසරේදීය. 25 August 2025
රුසියාවට සම්බාධක දානවා: ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු සති දෙකක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් නොලැබුණොත්, රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 24 August 2025
ඇමෙරිකන් බුද්ධි ප්‍රධානියා ධුරයෙන් ඉවතට ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීමට, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇත. 24 August 2025
ස්මාට් ෆෝන් භාවිතය අඩු කරන්න ස්මාට් ෆෝන් ජංගම දුරකතන භාවිතයට ගන්නා කාලය දිනකට පැය දෙකකට සීමා කරන්නැයි ජපාන රජය එරට වැසියන්ගෙන් ඉල්ලයි. ඒ, මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින් වෛද්‍යවරුන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි. 24 August 2025
උතුරු කොරියාව මිසයිල පද්ධතියක් අත්හදා බලයි උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මෙම පද්ධතිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය. 24 August 2025
ඇමෙරිකන් කම්හලක පිපිරීමක් ඇමෙරිකාවේ, ලුවිසියානා ජනපදයේ, කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙසේ පිපිරීම සිදුවුණු බවය. 24 August 2025
දකුණු ඇමරිකාවට භූමිකම්පාවක් දකුණු ඇමරිකාව රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. 22 August 2025
චීන ජනපති ජින්පින් ටිබෙටයේ සංචාරයක සමඟිය සහ සංවර්ධනය ගැන අවධාරණය කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින්, අසල්වැසි ටිබෙටයේ සංචාරයකට ගියේය. ඒ, චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ වසර 60 ක් පිරීම නිමිත්තෙනි. 21 August 2025
‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ සමුගනී ‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී, කාගේත් ආදරය දිනූ, ඇමෙරිකන් විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත විය. 21 August 2025
පුටින් මෝදි හමුව නොවැම්බර් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක්, එලැඹෙන නොවැම්බර් මාසයේ නවදිල්ලි අගනනුවරදී පැවැත්වීමට නියමිතය. 21 August 2025
බටහිර රටවලට තනි තීරණ ගන්න බෑ යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ සෙසු බටහිර රටවලට, රුසියාවේ අදහස් විමසීමකින් තොරව, තනිව කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි. 21 August 2025
කරච්චි-මුම්බායි ජලයෙන් යටවෙයි ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයේ කරච්චි නුවරත්, ඉන්දියාවේ මුම්බායි නුවරත් ජලයෙන් යට වී ඇත. කරච්චි පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන අතර, මුම්බායි ඉන්දියාවේ වෙෙළඳ අගනුවරය. 21 August 2025
ෆින්ලන්ත මන්ත්‍රීගේ සිරුර හමුවෙලා ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 20 August 2025
ඇෆ්ගන් බස් රථ අනතුරින් 73 ක් මරුට බටහිර ඇෆ්ගනිස්තානයේ බස් රථ අනතුරකින් 73 ක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස, ඉරානයෙන් පිටුවහල් කළ ඇෆ්ගන් වැසියන් සංක්රමණිකයන්ය. 20 August 2025
වසර 113 ක් පැරණි ස්වීඩන දේවස්ථානය වෙනත් තැනකට ස්වීඩනයේ වසර 113ක් පැරණි ඓතිහාසික ‘කිරුනා කිර්කා’ නමැති ලී දේවස්ථානය ගලවා වෙනත් නවතැනකට රැගෙන යෑමට බලධාරීහු කටයුතු කළහ. 20 August 2025
බෲක්ලින් වෙඩි තැබීමෙන් 3 ක් මරුට ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 8 කි. 18 August 2025
බ්‍රිතාන්‍ය නළු ටෙරන්ස් ස්ටෑම්ප් සමුගනී බ්‍රිතාන්‍ය නළු ටෙරන්ස් ස්ටෑම්ප් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ස්ටෑම්ප් සිය රංගන දිවිය ආරම්භ කළේ 1960 දශකයේය. 18 August 2025
දකුණු කොරියන් විදෙස් ඇමති ඉන්දියාවේ දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණියේය. දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හියුන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතරේ සාකච්ඡා පැවැත්වූයේ දෙපාර්ශ්වය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. 17 August 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026