ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් සටහන් කළ බව ද පැවැසෙයි. 17 August 2025
කාශ්මීර ජලගැලීම්වලට බිලිවුණු ගණන 300 ක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය ගණන 307 දක්වා ඉහළ ගොස් ඇති බවය. වැඩිම මරණ වාර්තා වන්නේ වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතෙනි. 17 August 2025
මෙලානියාගෙන් පුටින් ලියුමක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලිපියක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 17 August 2025
ට්‍රම්ප් පුටින් හමුවේ රහස් ලියවිල්ලක් එළියට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කරේජ් නුවර එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 17 August 2025
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. 16 August 2025
ට්‍රම්ප්-පුටින් හමුවෙති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය. 16 August 2025
ඉන්දු චීන සෘජු ගුවන් ගමන් ඇරඹේ ඉන්දියාවත්, චීනයත් අතරේ සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මිතුදම් වර්ධන වීමට පටන්ගෙන ඇති බැවිනි. 15 August 2025
ඉන්දියාව නිදහස් දිනය සමරයි ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) දිනට යෙදී තිබුණි. බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබුවේ 1947 වසරේ අගෝස්තු 15 වනිදාය. 15 August 2025
ජම්මු කාශ්මීරයට මහවැසි: 42 ක් මරුට ජම්මු කාශ්මීරයේ කිස්ට්වාර් දිස්ත්‍රික්කයේ චෂෝති ගම්මානයට ඇද හැලෙන මහ වැසි 46 දෙනකු බිලිගත් බව පැවැසෙයි. මහ වැසි හේතුවෙන් නායයෑම් ද වාර්තා වේ. 15 August 2025
ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක් ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය. 15 August 2025
ඉන්දියාවට තවත් තීරුබදු රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉන්දියාවට අමතර තීරුබදු පැනවීමක් සිදු කරන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් පවසයි. 15 August 2025
ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද (15) ඇලස්කාවේදී පැවැත්වෙයි. 15 August 2025
ඇමෙරිකාව ඊශ්‍රායලය හුදෙකලා වෙලා එලැඹෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යුරෝපා රටවල් වන බ්‍රිතාන්‍යය, ප්රංශයත්, කැනඩාවත්, ඕස්ට්‍රේලියාවත් ගත් තීරණය හේතුවෙන්, ඇමෙරිකාවත් ඊශ්රායලත් හුදෙකලා වී සිටින බව පැවසෙයි. 14 August 2025
ට්‍රම්ප් පුටින් හමුවට ඇලස්කාව සූදානම් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් හෙට (15) ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වෙයි. 14 August 2025
ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතට ජනපති අත්සන දශක දෙකක් තිස්සේ පැවැති සිවිල් යුද්ධයේදී, මාඕවාදීන් සමඟ සටන් වැදුණු සොල්දාදුවන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් සටන්කාමීන්ට පොදු සමාවක් ලබා දීමේ නව පනත් කෙටුම්පතට පේරු ජනාධිපතිනී ඩීනා බොලුවාර්ටේගේ අනුමැතිය ද හිමිවිය. 14 August 2025
පළමු රොබෝ වෙළෙඳසැල මානවරූපි රොබෝවරයෙකුගෙන් පාලනය වන ලොව පළමු සිල්ලර වෙළෙඳසැල චීනයේ, බෙයිජිං අගනුවරදී විවෘත කළ බව වාර්තා වේ. 13 August 2025
කංසා හොඳයි - ට්‍රම්ප් කියයි කංසා, ඉතා අඩු හානිකර ඖෂධයක් ලෙස නැවත වර්ගීකරණය කිරීම කෙරෙහි සලකා බලන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 13 August 2025
ජනපති ආර්යාවත් හිරේ යුද නීතිය ප්‍රකාශ කිරීමට ගොස්, විශ්වාසභංගයකින් ද පැරදී, ජනාධිපති ධුරය අහිමි වී සිරදඬුවම් විඳිමින් සිටින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යොල්ගේ බිරිඳ කිම් කියොන් හෛයි අත්අඩංගුවට ගැණුනු බවත්, අධිකරණයට යොමු කිරීමෙන් පසුඇය රැඳවුම් භාරයට පත් කෙරුණු බවත් වාර්තා වේ. 13 August 2025
පාකිස්තානුවන් 17,321ක් විදෙස් සිරගෙවල්වල පාකිස්තානුවන් 17,321ක් මේ වන විට ලොව පුරා විවිධ රටවල සිරගෙවල්වල රඳවා සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් මැදපෙරදිග රටවල සිරගෙවල්වල රඳවා සිටින බව පාකිස්තාන පාර්ලිමේන්තු කමිටුවකදී අනාවරණ වී ඇත. 13 August 2025
කූලී වැඩ පෙන්නයි සුපිරි නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන, ලෝකේෂ් කනගරාජ්ගේ ’කූලී’ (Coolie) චිත්‍රපටය ඇමෙරිකාවේ තිරගතවීම අරඹා ඇත. 13 August 2025
යුරෝපා රටවල ළැව්ගිනි දරුණුයි දකුණු යුරෝපා රටවල උෂ්ණත්වය මේවනවිට සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බවත්, දකුණු යුරෝපා රටවල් රැසක ළැව්ගිනි ව්‍යාප්ත වෙමින් පනතින බවත් වාර්තා වේ. 13 August 2025
අල්ලා ගත් ඩොන්බාස් පළාත දන්න බෑ - රුසියාව රුසියන් යුක්රේන සටන් විරාමයක් සඳහා, යුක්රේනයේ ඩොන්බාස් පළාත තමන්ට දෙන්නැයි රුසියාව කළ ඉල්ලීම, යුක්රේනය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඩොන්බාස් යනු රුසියාව, යුක්රේන හමුදා සමඟ සටන් කිරීමෙන් පසු අල්ලා ගත් පළාතකි. 13 August 2025
සිංගප්පූරු මුදල් ඇමති ඉන්දියාවේ සංචාරයක සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටී. 13 August 2025
රොනාල්ඩෝ විවාහ ගිවිස ගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහ සිය දිගු කාලීන පෙම්වතිය ජෝර්ජියානා විවාහ ගිවිසගත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 12 August 2025
කුඩා යානයක් මගී යානයක ගැටෙයි ඇමෙරිකාවේ, මොන්ටානා ජනපදයේ, කැලිස්පෙල් නගරයේ ගුවන් තොටුපළකට ගොඩබස්වන ලද කුඩා ගුවන් යානයක් නවතා තිබූ මගී ගුවන් යානායක ගැටී විනාශ වී ගින්නක් ද හටගත්තේය. 12 August 2025
රාහුල්-ප්‍රියංකා අත්අඩංගුවට ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට එරෙහිව, දිල්ලියේ මැතිවරණ කොමිසම් කාර්යාලයට විරෝධතා පා ගමනක් යමින් සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි, සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි සහ විපක්ෂ ක්‍රියාකාරීන් සහ විපක්ෂ මන්ත්‍රීහු 30 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. 12 August 2025
ඇමෙරිකා වානේ කම්හලක පිපිරීමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් නුවර, වානේ කම්හලක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන්, දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. 12 August 2025
බලුකිස්තාන බෙදුම්වාදීන් ත්රස්තවාදීන් ලෙස නම් කෙරේ ‘බලොච් විමුක්තිකාමී බලකාය’ යන නමින් හැඳින්වෙන, බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 August 2025
ට්‍රම්ප් වොෂින්ටනයට හමුදාව කැඳවයි දිනෙන් දින ඉහළ යන අපරාධ මැඩලීමේ අරමුණින්, වොෂින්ටන් අගනුවරට ජාතික ආරක්ෂක බලකාය කැඳවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. 12 August 2025
ට්‍රම්ප්ගෙන් චීනයට දින 90 ක සහනයක් නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ සලසමින්, චීනයට දින 90 ක සහන කාලයක් ලබා දීමේ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. 12 August 2025
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026