තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ තුර්කි පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතරේ ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිග ගියේය.

පාර්ලිමේන්තුව උණුසුම් වූයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති එර්දොවාන්, විනිසුරු අකින් ගුර්ලෙක් පත් කිරීමට තීරණය කිරීමත් සමඟය.

අකින් ගුර්ලෙක් අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානම් වෙද්දී විපක්ෂයෙන් ඊට විරෝධය එල්ල විය. විපක්ෂ මන්ත්‍රීවරුන් කෑ කෝ ගසමින් කලහ කරන්න වූ අතර, ආණ්ඩු  පක්ෂයේ මන්ත්‍රීවරු කලහකාරී ලෙස හැසිරෙමින් ඔවුන්ට හරස් වූහ.

තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ‘රිපබ්ලිකන් ජනතා පක්ෂයයි. එම පක්ෂයේ දේශපාලනඥයන් කීප දෙනකුගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු තීන්දුවල විනිසුරු ලෙස කටයුතු කර ඇත්තේ අකින් ගුර්ලෙක් ය. මොහු ආණ්ඩු පක්ෂයේ පැසැසුමට ලක්වුණු අයෙකු යැයි ද පැවැසෙයි.