තාක්ෂණික දෝෂයකට ලක්වුණු සෝමාලියා ගුවන් යානයක් කඩා වැටෙන්න නොදී ගොඩබෑමට එහි නියමුවකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තාක්ෂණික දෝෂයකට ලක් වූයේ සෝමාලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ‘ස්ටාස්කී ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමට අයත් කුඩා යානයකි. 

අකරතැබ්බට මුහුණ දෙද්දී යානයේ මගීන් 50 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ පස් දෙනෙක් වූහ.

යානය මොගඩිෂු අගනුවර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වෙද්දී දෝෂය හටගත්තේය. වහා ආපසු ගුවන්තොටුපොළ බලා පියාසර කළ යානය ගුවන්තොටුපොළට ඔබ්බෙන් වෙරළ තීරයට ගොඩබෑමට නියමුවා සමත් විය. 

ඒ අනුව යානයේ සිටි සියලු දෙනාගේ දිවි බේරුණු බව පැවැසෙයි.