
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සූක් යොල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඒ, ඔහු 2024 ධුරයේ සිටිද්දී, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීම මුල්කොට ගනිමිනි.
යූන් සූක් යොල් යුද නීතිය පැනවීමට උත්සාහ කිරීමන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නායකත්වය දුන්නැයි චෝදනා එල්ල වුණු අතර, ඔහු එම චෝදනාවලට වරදකරු වූ බව මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර, 2024 වසරේ සිදුවුණු එම හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන්ට ද මේ වනවිට වසර 30 ක සිර දඬුවමක් නියම වී ඇත.
ඊට අමතරව, හිටපු බුද්ධි අංශ අණදෙන ප්‍රධානී නෝ සැන්ග්-වොන්ට වසර 18 ක් ද හිටපු ජාතික පොලිස්පති චෝ ජි-හෝට වසර 12 ක් ද, සෝල් අගනුවර පොලිස්පති රකිම් බොන්ග්-සික්ට වසර 10 ක් සහ සෝල් අගනුවර ජාතික සභා ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී මොක් හ්යුන්-ටේට වසර 3 ක් බැගින් ද සිර දඬුවම් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd