
චෝදනා රැසකට වරදකරු වී, බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ ක්‍රිකට් තරුවක් ද වන එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හැකි ඉක්මනින් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි ප්‍රවීණ ක්‍රිකට් තරු රැසක් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත. ඒ, පාකිස්තාන රජයට ලිපියක් යොමු කරමිණි.
මෙම ලිපියට අස්සන් කළ ක්‍රිකට් විරුවන් වන්නේ සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ක්ලයිව් ලොයිඩ්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චෙපල්, ඉයන් චෙපල්, ජෝන් රයිට් සහ ඩේවිඩ් ගවර් ඇතුළු ක්‍රිකට් තරු යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉම්රාන් ඛාන්, 1971 සිට 1992 දක්වා කාලය තුළ ටෙස්ට් තරඟ 88 කදී සහ එක්දින ජාත්‍යන්තර තරඟ 175 කදී පාකිස්තානය නියෝජනය කළ අතර, 1992 දී එරටට සිය ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය ලබා දීමට නායකත්වය දුන්නේය.
බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය දිනෙන් දින පිරිහී ගොස් ඇතැයි ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය, පවුලේ සාමාජිකයන් චෝදනා නගයි. ඉම්රාන්ගේ එක් ඇසක පෙනීම ඉතා වේගවෙයන් පිරිහී යමින් පවතින බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd