කොළඹ පුරපති පුටුව ව්‍රායි කැලී බල්තසාර් ට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිවරිය ලෙස අද (16) වැඩි ඡන්දයෙන් තේරීපත්වූවාය. 16 June 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි . 16 June 2025
ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප් ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 16 June 2025
කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක් කොළඹ නගර සභාවට නව නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා මේ වන විට රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත. 16 June 2025
ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවී මෙහෙකරු මරුට බේරුවල ව්‍යාපාරිකයන්ගේ නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී අද(16) උදෑසන පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 16 June 2025
යාත්‍රාව පෙරැළී ධීවරයා මුහුදට වැටී අතුරුදන් පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැද රළ පහරට හසුව පෙරලීයාමෙන් එක් ධීවර යෙකු මුහුදට ඇදවැටී අතුරුදන්ව ඇති බව පානදුර ධීවර වරාය ආරංචි මාර්ග සදහන් කරයි . 16 June 2025
මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශය එක් වෙමිනි. 16 June 2025
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා වෙන්වූ යකඩ වැල් පාලමක් කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි. 16 June 2025
කොළඹ -කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය දිනපතා ධාවනයට කල් යයි සති අන්තයේ කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2025
ඉරාන හමුදා බුද්ධි ලොක්කා මරා දැමේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ඉරාන විප්ලවීය හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ තවත් හමුදා ජනරාල්වරුන් දෙදෙනකු මියගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. 16 June 2025
අදත් විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි ද? සාරුක් ද? කොළඹ නගරාධිපති ධුරයට පත්වන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා ද යන්න කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීමේ දී හෙට (16) තීරණය කෙරෙයි. 15 June 2025
ඉරානයේ 128 ක් මැරිලා ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. 15 June 2025
වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය. 15 June 2025
රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි. 15 June 2025
කුලියට ගන්නා වාහන විකුණන කල්ලියක තිදෙනකු අල්ලයි සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි . 15 June 2025
වෙන්නප්පුවෙන් කොල්ලකෑ වෑන් රිය මහනුවරින් හමුවෙයි වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකා එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය කොල්ලකරුවන් වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සොයා ගෙන තිබේ. 15 June 2025
සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි . 15 June 2025
‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘ ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 15 June 2025
විදුලි සෝපානයක සිරවී තරුණයෙක් මරුට මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. 15 June 2025
ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ ඊශ්‍රායලය ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්ල කළ අතර ඉරානයද ඊට පිළිතුරු ලෙස මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කළේය. 15 June 2025
ඉන්දියාවේදී හෙලිකොප්ටරයකුත් කඩා වැටේ:7 ක් මරුට උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 15 June 2025
තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 June 2025
කොළඹ දිස්ත්‍රික් උසාවියේ වාර්තා කන්ටේනර් පෙට්ටිවල කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ බොහෝ තොරතුරු වාර්තා තිබෙන්නේ කන්ටේනර් පෙට්ටිවල බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 June 2025
කොහුවල නිවසකට වෙඩි කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 15 June 2025
ජනපති මව්බිමට එයි ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය. 15 June 2025
පුද්ගල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි නිවසකට ඇතුළුවී දේපළ සොරා ගැනීමට තැත් කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූ මැන්ඩල් පොලිසියකියයි. 15 June 2025
මුහුණු පොතේ සාදයක් වටලා 26 ක් අත්අඩංගුවට මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 දෙනකු පානදුර මහබෙල්ලන නිවාඩු නිකේතනයක් තුළදී අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි. 15 June 2025
පුද්ගලයෙක් කපා කොටා මරලා යාපනය ඉරුපාලේ මඩතඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව කෝපායි පොලිසිය සදහන් කරයි. 15 June 2025
අධිකරණයේ පුටු හයදාහක් හිස් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026