
(සුජිත් හේවාජුලිගේ)
දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද යටවීමේ අවදානමක් මතුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් දෙකක් පමණක් බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ පහළ මාලයේ ඇති බඩු භාණ්ඩ එහි ප්‍රධානීන්ගේ උපදෙස් මත සේවකයන් විසින් ඉහළ මාලයට
රැගෙන යනු ලැබීය.
ජල ගැල්මක් ඇති වුවහොත් පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂයෙන්ම පහළම පිහිටි කමිටු කාමර ප්‍රථමයෙන්ම ජලයෙන් යට වීමට වැඩි ඉඩකඩක් පවතින හෙයින් ඒවායේ පොත්පත් ගෘහ උපකරණ ඇතුළු බඩු භාණ්ඩ මෙසේ ඉවත් කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ.
දියවන්නා ඔයේ ජල මට්ටම ගැන අවධානයෙන් සිටීමට නාවික හමුදා කණ්ඩායමක්ද යොමු කරනු ලැබ සිටී.
වැසි සහිත කාලවලදී ඉහළ ප්‍රදේශවල ජලය ගලා ඒමෙන් දියවන්නා ඔය ඉතා ඉක්මනින්ම පිරී යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවත් යටවෙන අවදානමක්
Lalla Friday, 28 November 2025 01:40 PM
වගුරු බිම ගොඩ කරන්න ඕන ප්‍රමාණවත් ඇල මාර්ග හදල නේද? තියෙන ඇලවල් මිනිස්සු කුනු දමල ගොඩ වෙලා.සමහර තැන්වල බැම්මේ ගෙවල් හදාගෙන.
රෝස Friday, 28 November 2025 03:28 PM
ඕකනං යටවෙන එකමයි හොඳ...
Nandana Friday, 28 November 2025 05:19 PM
පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එතැනම ඉන්න හොඳේ.
රනේෂ් Friday, 28 November 2025 05:41 PM
ජලයෙන් යට නොවන්න පියවර ගන්න. නැත්නම් අයවැය විවාදයට දැඩි බාධා ඇති වේවි.