
(සුජිත් හේවාජුලිගේ)
කළුගඟ ද්‍රෝණියේ ඉදිරි පැය කිහිපයේදී මහා ගංවතුර තත්වයක් ඇති වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා ඇත.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇළපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල හා අඟලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වනු ඇත
මෙම ප්‍රදේශවල ජීවත් වන හා ඒ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd