
(මලිත් රාජපක්ෂ සහ අමදෝරු අමරජීව )
ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කන්තලේ ජලාශය උපරිම ජලධාරිතාවයට ලගාවිම වන අක්කර අඩි 114,000 ක ප්‍රමාණය සම්පුර්ණවිමත් සමඟ ජලාශයේ වාන් දොරටු සියල්ලම ඊයේ (27) රාත්‍රියේ විවෘත කළ බව ජලාශය භාර කන්තලේ ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු චින්තක එස්.සුරවිර මහතා පැවසිය.
දිවයින හා ඒ අවට ප්‍රදේශයට බලපෑ ඇති 'දිත්වා' සුළි කුණාටුවේ වර්ධනයත් සමග ජලාශයේ ඉහළ ජල පෝෂක වලින් ලැබෙන වර්ෂාපතන හා ජලාශයට ජලය ලැබෙන ප්‍රධානතම ක්‍රමවේදයක් වන මින්නේරිය කන්තලේ යෝධ ඇලෙහි ගලාඑන අඛණ්ඩ ජල සමග කන්තලේ ගොවිබිම් යම් ප්‍රමාණයකින් ආරක්ෂා කරගැනිම හා ජලාශය ආරක්ෂා කරගැනිමේ අරමුණින් මෙලෙස ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 03 බැගින් ද වාන් දොරටු 04 ක් අඩි 01 බැගින්ද විවෘත කර ඇත.
එමගින් තප්පයට ඝණ අඩි 4010 ක ජලධාරිතාවක් ද එම ජලය නිසා පේරමඩුව හා වාන්ඇල වැව් පිටාර දමන බවත් එම ජලයත් කන්තලේ , වාන්ඇල හා සුරියපුර හරහා මහවැලි ගඟට මුදා හරින බවත් මහවැලි ගගේ කන්තලේ ද්‍රෝණිය ආශ්‍රිතව ජනතාව මේ පිළිබදව සැලකිලිමත්වන ලෙසද වැඩිදුරටත් පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd