IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආපදා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරියක්

(අංජුල මහික වීරරත්න)

ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබේ.

හදිසි තත්ත්වය පිළිබද නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිවරයාගේ  අධික්ෂණය යටතේ මෙම පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

011-2013051,011-2027148,011-2027149,011-2472757,011-2430912 එම මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකයි.

[email protected] එහි විද්‍යුත් ලිපිනයයි.

සියලු පොලිස් බල ප්‍රදේශයන් හි ඇති වන අපදා තත්ත්වයන් වලට මුහුණ දීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පොලිස් ස්ථාන වල සුදානම් කර ඇති අතර, කෙටි දැනුම් දීමකදී ක්‍රියා කිරීමට හැකිවන පරිදි බෝට්ටු, කිමිදුම්කරුවන් ඇතුළු ආපදා උපකරණ  සුදානම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එසේම  අපදා තත්ත්වයන් වලට මුහුණ දීමට මෙන්ම මහජන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදා ඇතුළු අනෙකුත් අදාළ ආයතන වල බලධාරීන් සම්බන්ධ කර ගැනීම සිදු කර ඇත.

අවතැන් වූ තැනැත්තන්ගේ නිවාස හා දේපළ ආරක්ෂා කිරීමට සුදුසු වැඩපිළිවලක්ද සෑම පොලිස් වසමකම ක්‍රියාත්මක කර ඇති අතර, ආරක්ෂිත ස්ථානවල රැදී සිටින අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආරක්ෂාව හා සුබ සාධන පහසුකම් සැලසීමට ද කටයුතු යොදා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සමඟ ආපදාවන්ට ලක්වුවන් බේරා ගැනීම, සහන සැලසීම, එම ප්‍රදේශ වල ආරක්ෂාව සැලසීම ආදී කටයුතු කළමණාකරනය කර සිදු කර ගැනීමට ආවශ්‍ය සහාය ලබා දෙන මෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අවදානම් ස්ථාන වලට යාම, ආපදා ස්ථාන නැරඹීමට යාම, ජලයෙන් යට වී ඇති මාර්ග ඔස්සේ අනාරක්ෂිත ලෙස වාහන ධාවනය කිරීම ඇතුළු අපරික්ෂාකාරී කටයුතු වල නොයෙලෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය තවදුරටත් මහජනතාව දැනුවත් කර සිටී.



අදහස් (0)

ආපදා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site