(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආපදා අවස්ථාවේ සියලුම දෙනා එකතු විය යුතු බවද ප්‍රේමදාස මහතා කීය.

"අදාල ආයතන වලට මුදල්‍ ප්‍රතිපාදන ලබාදීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව තිබෙනවා නම් සුදුසුයි.එම මුදල් ප්‍රමාණය හැකි ඉක්මනින් ලබා දෙන්න. සහන ලබාදීමට අමතර මුදලක් රජයට වැය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රජය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා සහාය ලබාදීමට සුදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.