IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සහන දෙන විට මුදල් බාධාවක් කරගන්න එපා

(අංජුල මහික වීරරත්න)

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා   දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට අද (28) උපදෙස් දුන්නේය.

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක්

වෙන්කර ඇති අතර  2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කීය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මුදල් වැය කිරීමේදී  චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට  නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට බාර දීමටද උපදෙස් දුන්නේය.

සිරවී සිටින ජනතාව මුදවා ගැනීමේ  කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු , හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසද මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සම්බන්ධීකරණය සදහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වා දීමටත් අදාළ අංශවලට දැනුම් දුන්නේය.

එමෙන්ම ගංවතුර, නායයාම්  සහ ගස්කඩා වැටිම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛන වලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවත්  වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජි.අජිත් ගුණසේකර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරු,පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (1)

සහන දෙන විට මුදල් බාධාවක් කරගන්න එපා

නෑමෝල් Friday, 28 November 2025 01:00 PM

අනේ අපි හිටියනම් ගහන තරම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site