IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන සියලු දෙනාට මගේ ආචාරය


( සුජිත් හේවාජුලිගේ)

මේ මොහොතේ මනුෂ්‍යත්වය මූලික කර ගනිමින් කටයුතු කරන සැමට  හිස නමා ආචාර කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

මේ මොහොතේ සැමට දළදා හාමුදුරුවන්ගේ පිහිටත්, ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කරතිබේ.

පවතින අයහපත් කාල ගුණික ස්වභාවය තුළ නිර්මාණය වී ඇති ස්වාභාවික ආපදාමය තත්ත්වය හේතුවෙන් අප රටේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති ඛේදජනක සිදුවීම් අපට ඇසෙන, පෙනෙන සහ දැනෙන අවස්ථාවක අපගේ කම්පනය සහ වේදනාව යම් තරමකින් හෝ අවම කර ගත හැකිව තිබෙන්නේ අපට දකින්නට සහ අසන්නට ලැබෙන මනුෂ්‍යත්වයේ ක්‍රියා හේතුවෙනි.

මෙම ආපදා තත්ත්වය තුළ සිදුව ඇති හානිය කොපමණ දැයි මෙතෙක් අප දන්නේ නැත. ජීවිතක්ෂයට පත්වූවන්, අතුරුදහන් වූවන්, අවතැන් වූවන් සහ අනතුරු සඳහා මුහුණ දුන් තැනැත්තන් වෙනුවෙන් ආරක්ෂිත මෙහෙයුම් සහ සහන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් ඉතා ඉක්මන් සම්බන්ධීකරණයක් මෙන් ම මැදිහත් වීමක් අවශ්‍ය මෙවැනි අවස්ථාවක රටක් ලෙස එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත්වේ. පවතින රජය විසින් මේ වෙනුවෙන් ගනු ලබන ක්‍රියා මාර්ග සඳහා අවශ්‍ය දායකත්වය කිසිදු භේදයකින් තොරව ලබා දීමට අප සැම කටයුතු කළ යුතු බව දක්වනු කැමැත්තෙමි. බලයේ සිටින මෙන්ම බලයේ නොසිටින සියලු දේශපාලන සාමාජිකයින්, විශේෂයෙන්ම මෙවැනි ආපදා තත්ත්වයන් තුළ කටයුතු කර ඇති අත්දැකීම් සහිත ජනතා නායකයින් හැකි අයුරින් තම ප්‍රදේශයන්හි ආපදා කළමනාකරණ කටයුතු සඳහා මැදිහත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. පක්ෂ විපක්ෂ භේදයන්ට වඩා රට ඉදිරියෙන් තබමින් භේදයන් නොව මේ භූමියේ මිනිසුන් නියෝජනය කරන ලෙස ඉල්ලා සිටිමි. මෙවැනි අවස්ථාවක රජයක් කෙතරම් අපහසුතාවයට පත් වන්නේ දැයි මම හොඳින් දනිමි. මෙම ආපදා තත්ත්වය තුළ තම සේවය උපරිමයෙන් ලබා දෙන පොලීසිය, ත්‍රිවිද හමුදාව, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන්, ග්‍රාම නිලධරයන්, සමෘධි නිලධරයන්, සෞඛ්‍ය සේවා නිලධරයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන රජයේ නිලධරයට සහ ජනමාධ්‍ය ආයතනයන්ට මෙන්ම විශේෂයෙන් අප රටේ ජනතාවට මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි.



අදහස් (4)

මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන සියලු දෙනාට මගේ ආචාරය

ආදාහ Friday, 28 November 2025 02:15 PM

ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ මනුස්සකමින් සර්ව මතක් කරන්න කිව්වා

:       0       0

කරුමයා Friday, 28 November 2025 02:20 PM

පල පල. මිනිස්සුනට කල බලු වැඩ ඇති දැන්

:       0       0

සුදා Friday, 28 November 2025 04:30 PM

ඒ කියන්නේ ආණ්ඩුවට ආචාර කරනව කියන එක තමයි.

:       0       0

ගමේ එකාලා Friday, 28 November 2025 06:14 PM

සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට ලැබුණු ආදාරත් ගසා කාපු හැටි මතක් වෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site