ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් ලාංකිකයන්ට නිවේදනයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුව ඇති නොසන්සුන් තත්වය හමුවේ ටෙල අවිව්හි බෙන් ගුරියන් ගුවන් තොටුපොළ සහ ඊශ්‍රායල ගුවන් සීමාව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (13) ප්‍රකාශ කළේය. 13 June 2025
ජනපතිගෙන් ජර්මන් ආයෝජකයන්ට ඇරැයුම් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ දී පැවසීය. 13 June 2025
මුජීබර්ට අපහාසා කළැයි ප්‍රදීප් චාල්ස් අතුළු පිරිසට වාරණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතාට අපහාසාත්මක හා අගතිදායක ප්‍රකාශ කර එම ප්‍රකාශ අන්තර්ජාලයේ පළකළේ යැයි කියන එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති හා සමගි ජන බලවේයේ හිටපු සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසකට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(13) නිකුත් කළාය. 13 June 2025
චාවකච්චේරි පුංචි මන්ත්‍රීට උසාවියෙන් තහනමක් චාවකච්චේරි නගර සභාවේ නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතාට ඔහුගේ මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමේ වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද නිකුත් කළේය. 13 June 2025
කෙහෙළියට - ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව සැප්තැම්බර් 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (13) තී 13 June 2025
‘කැෆේන්’ තහනම් උත්තේජක ලැයිස්තුවෙන් ඉවතට ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. 13 June 2025
මහාමායාවන්ගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අද (13) ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 13 June 2025
අත් බෝම්බ දෙකක් විකිණූ යුද හමුදා සෙබළු දෙකක් අත්අඩංගුවට ජීව අත්බෝම්බ දෙකක රුපියල් 60,000 කට අලෙවි කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනකු සහ එය මිලදී ගත් පුද්ගලයා ඊයේ (12) රාත්‍රි අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය පවසයි. 13 June 2025
ඉරාන - ඊශ්‍රායල යුද උණුසුම නිසා මෙරට ගුවන් ගමන් මාර්ගත් වෙනස් කරයි ඉරාන - ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමග ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපයට කෙරෙන ගුවන් ගමන්වල වෙනසක් කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 13 June 2025
පාර්ලිමේන්තුව 17 සිට 20 දක්වා රැස්වෙයි පාර්ලිමේන්තුව ලබන 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. 13 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරීගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරයි ජනපති පොදු සමාවට මුවා වී අනීතිකව සිරකරුවකු නිදහස් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 13 June 2025
අලි වැට රකින්න 3451ක බලකායක් විදුලි වැට නඩත්තු බහුකාර්ය සංවර්ධන වනජිවී සහකරුවෝ 3451ක් අද ස්ථිර පත්වීම් ලැබූහ. 13 June 2025
කතරගම දෙවොලෙන් කතරගම ප්‍රා:රෝහලට වාට්ටු සංකීර්ණයක් රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට, පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් හැදීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 June 2025
හිටිහැටියේ වාහනයක් ගිනි ගනී කොළඹ නගර සභාව ආසන්නයෙන් ගමන් ගත ත්‍රිරෝද රියක් හදිසියේ අද දහවල් ගිනි ගැනීමකට ලක් විය. 13 June 2025
ත්‍රිපෝෂ සමාගමට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 13 June 2025
රටබීම බෝතල් 673ක් ගුවන්තොටේ දාලා ගිහින් රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම බෝතල 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී අද(13) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ . 13 June 2025
පහුගිය වසර තුනේදී කෝච්චි 171ක් ඉබි ගමන් ගිහින් පසුගිය වසර තුනේදී දුම්රිය (ගමන් වාර) 171ක් ප්‍රමාදවී ධාවනයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය. 13 June 2025
ලක්විජය එක් ජනන යන්ත්‍රයක් දින 25කට නවති නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට අද(13 ) රාත්‍රියේ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මණ්ඩල ඉහළ නිළධාරීයකු කළ විමසිමේදි පැවසිය. 13 June 2025
අනතුරින් බේරුණු රමේෂ් හමුවන්න මෝදි ගිහිල්ලා ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි. 13 June 2025
බලාපොරොත්තු පොදිබැඳන් ලන්ඩන් යන්න ගිය රතික් ජෝෂිගේ පවුල කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ සිට මියගිය මගීන් සම්බන්ධ පුවත් සහ අවසන් මොහොතේ ඔවුන් ගත් ඡායාරූ, වීඩියෝ දසුන් ආදිය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. 13 June 2025
ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය. 13 June 2025
ඉරානයට ගහන්න යානා 200ක් ගිහින් රයිසින් සන් මෙහෙයුමේ පළමු ප්‍රහාර මාලාවට ප්‍රහාරක ගුවන් යානා 200 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවත් ඉරානයේ ඉලක්ක 100 කට වැඩි ප්‍රමාණය ප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. 13 June 2025
ඉරානයෙනුත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් ඊශ්‍රායලය අද(13) ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඉරානය දැනටමත් ආරම්භ කර ඇති අතර මේ වනවිට ඩ්‍රෝන 100 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට යොමුකර ඇති බවත් එම ඩ්‍රෝන බිම දැමීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. 13 June 2025
ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. 13 June 2025
යානයේ කළු පෙට්ටියක් හමුවෙලා කඩා වැටුණු ‘එයාර් ඉන්දියා’ මගී යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව යානය අනතුරට ලක්වුණු අයුරු ගැන හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වේවි යැයි විශ්වාස කෙරේ. 13 June 2025
කුණු ගොඩක සැඟවූ ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි රුසියාවේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සඟවා ගෙන සිටි අයෙකු සමගින් එම ගිනි අවිය අද (13) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 13 June 2025
කළුතර ප්‍රා. සභා විදුලි සේවකයා ඝාතනය කර ඇත්තේ වැරදීමකින් කළුතර ප්‍රාදේශිය විදුලි සේවකයකු සිය නිවසේදී කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙළිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 13 June 2025
හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ දිවි මඩලට සමුදෙයි හිටපු යුද්ධ හමුදාපතිවරයෙක්වූ විශ්‍රාමික ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සදහන් කරයි. 13 June 2025
ක්‍රීඩා ඇමැති-පකිස්ථාන මහකොමසාරිස් හමුවක් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය. 13 June 2025
කේරළ වෙරළ ළඟ අනතුර වූ නැවේ ප්ලාස්ටික් ලංකාවට එයි ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38ක් ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ දී ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම ,කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙල්ෆ්ට්, නාගදීප වෙරළට ගොඩ ගසා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේය. 13 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026