
( ඉන්දික අරුණ කුමාර)
ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය.
නාඋල ප්‍රාදේශිය සභා සභාපති සුනිල් ශාන්ත(ජා.ජ.බ) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ නාඋල ප්‍රාදේශිය සභා විශේෂ මහ සභා රැස්වීම පැවැත්විනි.
එහි දි 2026 අය වැය සභාපති සුනිල් ශාන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.
2026 වසර සදහා අපේක්ෂිත වියදම වශයෙන් රුපියල් දසකෝටි හැත්තෑ නව ලක්ෂ අසූ හත්දහස් හත්සිය පහයි ශත හතලිහක් ද, අපේක්ෂිත වියදම් ලෙස රුපියල් දසකෝටි හැත්තෑනව ලක්ෂ අසු හත්දහස් තුන්සිය අසූ හයයි ශත හැත්තෑපහක් ලෙස සිය අය වැය කතාවේ දී සභාපති වරයා ඉදිරිපත් කළේය.
පැවති අය වැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු වු අතර අය වැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු නව දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කළේය.
විපක්ෂය නියෝජනය කල මන්ත්‍රිවරු සහ මන්ත්‍රිවරියන් හය දෙනෙකු අය වැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් මෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොල්පිතිගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ සභාවට පැමිණ නොසිටියහ.
නාඋල ප්‍රාදේශිය සභාවට සභිකයින් 19 දෙකෙන් පත්වී ඇති අතර පලාන බලය හිමි ජාතික ජන බලවේගයට සභිකයින් 09 ක් සහ විපක්ෂය වෙනුවෙන් සජබ 04 ක්,සර්වජන බලය පක්ෂයට 01 යි, එක්සත් ජාතික පක්ෂයට 01,ශ්‍රි ලං පො ජ පෙ ට 02 ක් වශයෙන් මන්ත්‍රි අසුන් බෙදි ගොස් තිබේ.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි