(හසිනි නවෝද්‍යා)
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව නැගෙනහිර මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගංගා සහ ජලාශවලින් ගලා එන ගංවතුර හේතුවෙන් දුම්රිය මාර්ග ජලයෙන් යටවී ඇති අතර, අද පැවැත්වීමට නියමිතව තිබූ දිගු දුර නගරාන්තර සහ රාත්‍රී තැපැල් දුම්රිය හයක් අවලංගු කිරීමට සිදුවී ඇත.
දුම්රිය බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැනුවත් වී විකල්ප ගමන් විධිවිධාන යොදන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd