
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුවී ඇතැයි පැවසුණු හිංසන සහ අකටයුතුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එසේම එම වාර්තාව මැතිසබයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
මුජිබර් රහුමාන් මහතා:
මේ වාර්තාව බාරදුන්නට පස්සේ මගේ නම දාලා පාර්ලිමේන්තුව නිවේදනයක් ගහලා තියෙනවා. වැරදි වැඩක් කරලා තියෙන්නේ. මගේ නම දැම්මේ මොකටද. එහෙම කරන්න බැහැ.
කතානායක:
ඒ වාර්තාව කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට යොමු කරලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ප්‍රධානියා කතානායක. ඒත් අමාරුව තියෙන්නේ මුජිබර්ට. ඇයිද දන්නෑ?