බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඉල්ලා අස්වෙයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය. 12 June 2025
සිරකරු මගඩි මඩින්න ප්‍රතිභාගෙන් යෝජනාවක් සිරකරුවන් සම්බන්ධයෙන් වන අනීතික ක්‍රියා වැළැක්වීමේ පියවරක් ලෙස දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම ස්ථාපනය කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ඉල්ලීමක් කරයි 12 June 2025
ඖෂධ සංස්ථාවේ ලොක්කන් 3කට හොර පාරෙන් කෝටි ගාණක් ගෙවලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරීත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයක ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 12 June 2025
සත්ව සංගණනයේ තොරතුරු එළියට මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 June 2025
ආයතන හතරකට ’’ටෝනි බ්ලෙයාර්’’ මූල්‍ය-තාක්ෂණ සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 12 June 2025
ගිය වසරේ වගා හානි වන්දි සියල්ල ගෙවා අවසන් කරයි 2024 යල කන්නයට අදාල සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 12 June 2025
මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 12 June 2025
රනිල් රුසියාවට යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය. 12 June 2025
මී උණ වැඩියි: පරිස්සමෙන් දිවයින පුරා මී උණ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 12 June 2025
බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි මතුගම , යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රි සිය සහෝදරියගේ පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 June 2025
හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 12 June 2025
ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 12 June 2025
මිලි මිටර් 100 තද වැසි අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 June 2025
පිත්තාශය පිපිරී වෛද්‍යවරයෙක් මරු දකී වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි. 12 June 2025
ඌව පරණගම බලයත් ජාජබට ඌවපරණගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වු මන්ත්‍රි ආර්.ඇම් ජිනදාස මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ජේ.ඇම්.තනුජා ප්‍රියදර්ශනි තේරි පත්වුහ. 11 June 2025
ජනපති ජර්මානු විදේශ ඇමති හමු වෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. 11 June 2025
ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 11 June 2025
‘ලොක්කා අපිව ඇන්දුවා” වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 11 June 2025
තන්තිරිමලේ ආලෝක පූජාවේ අවසන් දිනය අදයි විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් 22 වන වරටත් පැවැත්වූ ’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තෙවැනි දිනය වූ අද උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 11 June 2025
කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ් 2021 හා 2024 කාලය තුළදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (11) නියෝග කළාය. 11 June 2025
ගැරඩිඇල්ලේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියට නඩු කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාලව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඩිඇල්ල මාරක රිය අනතුරේ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. 11 June 2025
සී අයි ඩී ය නැහැයි කියු අතුල අධිකරණයෙන්ම මතුවෙයි වෙසක් පොහොයදා ජනපති පොදු සමාව ලැබී ඇති බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කළ බව කියන ලේඛනයට අනුව අනුරාධපුර මහාධිකණයේ පැවති නඩුවකින් නිදහස්ව ගොස් ඇති බව කියන ,අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තුව මගින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින සිටින ඩබ් .එම් අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අද පෙනී සිටියේය. 11 June 2025
කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස් සේවිකාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවාය. 11 June 2025
’’රනිල් අ’පුර බෞද්ධ වැඩට නොඑන බව කීම කනගාටුවක්’’ කැලණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබූ යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සකස් කොට සසුනට පිදූ පරපුරක සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරේ ප්‍රධාන ආගමික වැඩසටහනක් සඳහා සහභාගී නොවී යැයි ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය. 11 June 2025
’’විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාවාදීමක්’’ විදුලි ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 June 2025
රනිල් සී.අයි.ඩීයට ඇවිත් යයි ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (11)පෙනී සිටියේය. 11 June 2025
කොරෝනා නිල තොරතුරු විතරක් සලකන්න දැනට ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 11 June 2025
විදුලි සංගමය 7ක පෙත්සම් විභාගයට විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බවට සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතරයගේ මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණය සම්මත කිරීමට නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන 7 ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) විභාගයට ගැනිණි. 11 June 2025
’’ජනාධිපති සමාව - පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ’’ ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026