
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මුදල් වෙන් කිරීම් ගැන උදම් ඇනුවත් ප්‍රශ්නය තිබෙන්නේ ඒ මුදල් වලින් වැඩ කරනවාද යන කාරණය ගැන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඩිජිටල්කරණයට මුදල් වෙන් කිරීම ගැන කතා කළා. මුදල් නම් වෙන් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ වැඩ කරනවද කියන එකයි. හැබැයි ප්‍රායෝගිකව බිම් මට්ටමේ මෙය සාර්ථක වී තිබේද යන කාරණය ප්‍රශ්න සහගතයි.ඩිජිටල් අමාත්‍යංශයට පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් වලින් කොපමණ ආයෝජනය කළාද? වැඩපිළිවෙළ ප්‍රශ්නයක් නෑ.අපිත් පටන් ගත්තෙ ඔය වැඩපිළිවෙළම තමයි.
ආණ්ඩු වෙනස් වෙනවාත් එක්කම ඒක නතර වුණා.නතර කරපු තැනින් පටන් ගෙන ආපහු යනවා.හැබැයි මේ ප්‍රායෝගිකව බිම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබ වගකීම ගත යුතුයි යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.... හරි, දැන් ඔයා කිව්වනේ ඔවුන් වැඩ කරයි..
ඒහෙමත් මදි - හොරකමුත් කරන්න ඕන.
ඔයාල හැමෝටම කලේ වෙන් කරපු මුදල් ගිල්ල එකනේ. ඒ කයි වෙනස...
රටම හොරාකාළා විනාශ කරපු, ජනතාව එළවළාම දාපු දූෂිතම පව්ල් පාලනේ හොර පෙරකදෝරුවගේ උපදෙස් මොකටද? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු මුස්පේන්තුවාගේ මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්...
වෙන්කරපු මුදල් හොරා කාපු කෙනෙකුගේ උපදෙස්
පට්ට හොරෙක් උපාසක අප්පු කෙනෙක් වෙන්න යනව
ඔය බෙල්ලෙ දාගෙන ඉන්න රෙදි කැල්ල කඹයක් විදියට පාවිච්චිකලා නම් කරල තියෙන දහදුරා, අසික්කිත වැඩවලට වන්දි ගෙවන්න පුලුවන්.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රටම බන්කොලොත් කරපු දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවෙක් ගේ උපදෙස් වලින් වැඩක්ම නැහැ .අඩු කලේ හෙළවේ..ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හදනවා ?
තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආස්චර්‍ය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා උජාරුවට පම්පෝරි ගහලා උදම් අනපු බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය කරපු හරියම මදෑ? හොර පෙරකදෝරුවා මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ?
ඉතින්, මේවාට අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ..? වැඩි ඈතක නොවෙයි, මතක විදිහට මෙයාට ගෝඨාගෙ ආණ්ඩුවේ... ලොකු අමාත්යාංශ ගාණක් පවරලා තිබුණා. මොනාද ඒ අමාත්‍යාංශ වල මෙයා හිටපු අවුරුදු දෙකට කරපු වැඩ? මතක අය ඉන්නවා නම් කියාගෙන යන්න...
අනේ මෙයා හිතන් ඉන්නේ. මෙයා ලොකු උගතෙක් කියලා මෝඩකම විදහා පානවා මෙයා කියනකම් ඉන්නේ මාලිමා මුදල් වියදම් කරලා වැඩ කරන්න. සකල බුජන් දන්නේ නැහැ තමන්ගේ තරම. මෝඩකම නිසා මේ වගේ දේවල් කියන්නේ. අන්තිමට බේබිලා නිකම්ම පාරට වැටෙනවා.