බාල බෙහෙත් අරන් කෝටි අටක් පාඩු කරලා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගනු ලැබූ ඇතැම් ඖෂධ කල් ඉකුත්වීම සහ හානි වීම හේතුවෙන් එම සංස්ථාවට 2022 හා 2023 වර්ෂවලදී පමණක් රුපියල් අට කෝටි හැටතුන් ලක්ෂයකට වැඩි මූල්‍යමය පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 11 June 2025
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ් ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය. 11 June 2025
ජනපති ජර්මනියට ළඟා වෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. 11 June 2025
බහුතරය නැති බණ්ඩාරවෙල නගර සභා බලය ජාජබට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ද බහුතරයක් නොමතිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය දිනාගත්තේය. 11 June 2025
ලබන අයවැයෙන් ස්වාධීන රූපවාහිනියට සැලකිල්ලක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු වැඩිදියුණු කර පවත්වා ගෙන යාමට ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ලෝකයෙන් ධීවර සහනයක් ගන්න පියවරක් තබයි ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට එකඟතාවය දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ගුවන් විදුලි සංස්ථාව - රූපවාහිනිය වෙන් වෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
කර්මාන්ත ඉහලට ඔසවන්න මිලියන 100 ක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍ර වල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
මේ මාසේ විදුලි බිලේ අමුතු වැඩියක් නෑ මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 June 2025
ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(11) නියෝග කළාය. 11 June 2025
ලංකා- ඕස්ට්‍රේලියා පොලිසි ගිවිසුමකට එයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අන්තර් ජාතික අපරාධ වලට එරෙහිව ක්‍රියා කිරීම / පිටු දැකීම සහ පොලිස් සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
විදුලි බිල සියයට 15 කින් ඉහළ යයි විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15 කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා අද (11) පැවසීය. 11 June 2025
මධ්‍යම අධිවේගේ කුරුණෑගල-දඹුල්ල වැඩකට මුල පුරයි මධ්‍යම අධිවේගී මාර්ග - අදියර IV (කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය) ඉදිකිරීම වෙනුවෙන් දැනට අත් හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ් ජනපති පොදු සමාවට මුවා වී අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සැකකරුවකුට අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 13 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියම කළේය. 11 June 2025
උපුල්දෙනියගේ පඩිය බාගෙකින් කැපේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩ තහනමට ලක්ව ඇති කාල සීමාවේදී අඩක් පමණක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය 2028දී සම්පූර්ණ වෙයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ගුවන් තොටේ සැලසුම් හදන කොන්ත්‍රාත්තුව නෙදර්ලන්තයට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
දේශබන්දු පස්වෙනි වතාවටත් මැතිසභා කමිටුව ඉදිරියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මැති සභා ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද පස්වෙනි දිනයටත් පෙනී සිටීමට නියමිතය. 11 June 2025
අපි වෙනුවෙන් අපි අරමුදල මියගිය ආබාධිත රණවිරුවන් අමතක කරලා අපි වෙනුවෙන් අපි අරමුදල නිවාස ආධාර පිරිනැමීමට 2020- 21 වර්ෂවලදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ක්‍රියාන්විත රාජකාරියන්හිදී මියගිය, පූර්ණ ආබාධිත හෝ අර්ධ වශයෙන් ආබාධිත පාර්ශවවලට ප්‍රමුඛතාව ලැබී නොමැති බව එම අරමුදල සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. 11 June 2025
පුංචි ආණ්ඩු වලට කසල ප්‍රවාහන රථ 16ක් අලුතින් එයි පළාත් පාලන ආයතන වල කසළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
මතට ඇබ්බැහි තරුණයන්ට ප්‍රතිකාර කරන්න නිවහනක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින තරුණ පුද්ගලයින් සඳහා වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
මව් කිරි ප්‍රවර්ධනයට පනතක් එයි ’මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම ’ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ශාරීරික දඬුවම් තහනම් කරන්න පනතක් එයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන සඳහා පනත් කෙටුම් පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 June 2025
ඊශ්‍රායල ජාතිකයන්ට මෙරට ස්ථාපිත ‘චබාද් මධ්‍යස්ථානවලට පැය 24 ම පොලිස් ආරක්ෂාව දිවයිනේ පොලිස් වසම් කීපයක මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට පවතින තර්ජන හේතුවෙන් ඔවුන් සදහා ස්ථාපිත කර ඇති ‘චබාද් මධ්‍යස්ථාන‘ සදහා පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 11 June 2025
මහනුවර -පේරාදෙණිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනයට ලංගම බස් දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇති මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය සදහා ශ්‍රී ලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 11 June 2025
ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය. 11 June 2025
කැනඩා මිත්‍ර සංගමයේ ලොකු පුටුව අනුර කරුණාතිලකට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 11 June 2025
එල් බෝඩ් දැම්මොත් පුංචි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තුවේ සන්තෑසියමයි පළාත් පාලන ආයතන වල සභාපති ධූර සඳහා පළපුරුද්දක් නැති නියෝජිතයින් පත් කළහොත් පාර්ලිමේන්තුවට සිදුවී ඇති සන්තෑසියම පළාත් පාලන ආයතන වලත් සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 June 2025
විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (11) පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 June 2025
තුෂාර උපුල්දෙණිය සම්බන්ධ විමර්ශනය පස්වරුවේ කැඳවයි ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද පස්වරු 02.00 කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය. 11 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026