
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත , මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති . මෙම හිමියන් ඊයේ(25) දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය කටුනායක බළා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර , එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙකු , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ .
ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහු භාන්ඩික මුදල් අතපත ගාන භික්ෂුවකගේ නම් කමක් නෑ. අත්හැරීම ප්‍රගුණ කිරීමට උදව්වෙයි. බුද්ධ ධර්මයේ නාමෙන් එය ආරක්ෂාවට බුද්ධාගමක් හදාගැනීමට මාගේ විරෝධය.
දැන් තමුන් කියන්නේ ඩුබායි යද්දී අතේ සතයක් නැතිව යන්න කියලද,හදිස්සියක් උනොත් තමුන් සුපර් මෑන් පවර් එකෙන් ඩුබායි ගිහින් සල්ලි දීල අවශ්‍ය දේ කරලා එනවද , නැතිනම් අබිත්තියෙක් එක්ක යන්න කියලද. ගොන් වෙන්න එපා ප්‍රයෝගික වෙනවා.
හාර ලක්ෂ අනූ තුන්දහස් අටසිය පනස් පහක්. සෞධියට අරන් ගිය සල්ලිවලින් ඉතිරි සල්ලිද නැත්නම් එහෙදි හම්බ කරපු සල්ලිද, ගුරුවෘර්තියෙන් හම්බ කරපු සල්ලි වලින් කරන ගනුදෙනුවක්ද? එක්කො සිවුර නිකමට වගේ කරේ එල්ලගත්ත හිමි නමක්ද? අපිට ප්‍රශ්න නැතුවට ප්රශ්න.
චීන්නු මාර වැඩකාරයින් තමයි. බිම හිටියත් හොරකම... උඩු ගුවනෙත් ඒක අමතක කරන්න බෑනේ..