
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවන බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මෙවර අය වැය කතාවේ හය වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ නවීකරණය සහ ඩිජිටල්කරණය වෙනුවෙනුයි.එහිදී ඩිජිටල්කරණය සඳහා වෙන් කරන ලද සමස්ත රාජ්‍ය ආයෝජනය සෘජු හා වක්‍ර වශයෙන් රුපියල් බිලියන 25.5 ඉක්මවනවා.නවෝත්පාදන හිතකාමී සහ ආයෝජන හිතකාමී තත්ත්වය ප්‍රවර්ධනය කර සමස්ත ඩිජිටල් ආර්ථික දායකත්වය සියයට 15කට වඩා ඉහලට ගෙන යාමට අප රජය දැන් ක්‍රියා කරමින් සිටිනවා.මේ රටේ රාජ්‍ය ආයතනවල ඩිජිටල්කරණය වෙන වෙනම ක්‍රියාත්මක වී තිබෙනවා.නමුත් සමස්ත රජය වශයෙන් කෙරුණු ඩිජිටල්කරණ සැලැස්මක් තිබුණේ නැහැ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ගොඩනැගිල්ලේ එකම අමාත්‍යාංශය යටතේ තිබෙන පුදගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ලින්ක් (සම්බන්ධ) කර ගන්න බැරි ආණ්ඩුව කොහොමද , මුළු රටම ඩිගිටල් කරන්නේ? ඩිගිටල් කරනවා කියලා අර අවුරුදු 20 පමණ කිසිම දත්තයක් නැති චිප් එකක් රියදුරු බලපත්රේට දැම්මා වගේ..., කොහේ හරි QR කෝර්ඩ් එකක් ප්‍රින්ට් කරාවි. ජනතාවට මේකෙන් වෙන්නේ වැඩිපුර මුදලක් ගෙවන්න වෙන එකත් අලුත් ෆොර්ම් පුරවමින් වැඩි කාලයක් ගත කරන්න වෙන එකත් පමණි.
De silva berlin ඔයාට බැරිද උපදේශක කෙනෙක් වෙන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියලා දෙන්න
පියල් මහත්මය අවස්ථාව දෙනවා නම් සහ සාධාරණ ගෙවීමක් කරනවා නම්, ඇත්ත වශයෙන්ම පුළුවන් මෙම කටයුතු සදහා උපදේශකයෙක් ලෙස කටයුතු කරන්න. මේවා අපි එදිනෙදා ජර්මනියේ අත්දකින සාමාන්‍ය දේවල්, සමහරු කියාවි ජර්මනියේ මේවා කලාට ලංකාවේ මේවා කරන්න බැහැ තාක්ෂණය නැහැ කියලා, නමුත් මම එම අදහස සමග සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. උදාහරණයක් දෙනවා නම් වර්ෂ 1999 වෙන කම් ජර්මනියේ භාවිතා කලේ කඩදාසි මත මුද්‍රණය කළ රියැදුරු බලපත්..., නමුත් ලංකාවේ අපි එයට වසර 10 පෙර සිට ප්ලාස්ටික් රියදුරු බලපත් භාවිත කළ, අපගේ අලුත් ජාතික හැදුනුම්පත ජර්මනියේ තාක්ෂණය අතින් ජර්මනියේ හැදුනුම්පත සමග බොහෝ දුරට සමනය නමුත් අපි එකෙන් හරියට වැඩක් ගන්නේ නැහැ. එහි තිබෙන QR කෝර්ඩ් එකේ පුද්ගලයගේ උප්පැන්න සහතිකය, ඩිගිටල් ෆොටෝ එකේ දත්ත ඇගිලි සලකුණු වැනි අත්‍යාවශ්‍ය දත්ත ගබඩා කරන්න පුළුවන්..., එම දත්ත රජයේ යම් දෙපාර්තමේන්තුවල ඇති උපකරණ හරහා පමණක් බලන්න පුළුවන් ලෙස පාස් වර්ඩ් එකක් මගින් ආරක්ෂා කරන්න පුළුවන්...
QR එකේ දත්ත ඇතුල් කළාම පාස්පෝර්ට් එකක් ගන්න කොට එහෙම අලුතෙන් උප්පැන්න සහතික හෝ වෙනත් ලියකියවිලි අවශ්‍ය වන්නේ නැහැ , QR එක ස්කෑන් කළාම ඔක්කෝම දත්ත තිබෙන නිසා ඉක්මනින් කරන්න පුළුවන් (නම සංශෝධනය වැනි විශේෂ දෙයක් නොමැති නම්) එහෙම කලොත් වංචා, දූෂණ වලට අවස්ථාව ඇහිරෙනවා. මොන ඩිජිටල් කරණය කළත් වැඩක් නැහැ දත්ත ඇතුල් කරන්නේ හොරු නම්... අතීතයේ සහ වර්තමානයේ, නිලධාරීන් කිසිම චකිතයක් නොමැතිව ව්‍යාජ හැදුනුම්පත්, ව්‍යාජ ගමන් බලපත්‍ර අල්ලස් ගෙන නිකුත් කිරීම කරනවා. කලයුතු ප්‍රධාන දෙය වියාජ ලේඛන සකස් කරන නිලධාරීන්ට විරුද්ධව දඩුවම් දෙන නීති දැඩිකර, මේ සදහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කර නඩු ඉක්මන් කිරීම ... ආණ්ඩුවට 2/3 බලයක් තිබෙන නිසා මේවා ඉතා පහසුවෙන් කරන්න පුළුවන්... එහෙම නොකර ඩිජිටල් කරණයට මුදල් වියදම් කිරීම පමණක් කලට කිසිම ප්‍රගතියක් නැහැ... වෙන්නේ ගාස්තු ඉහළ යාම නිසා ජනතාව පිට අමතර බරක් වැටෙන එක...