
(අංජුල මහික වීරරත්න)
මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන ලෙස කෙරෙන ඉල්ලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් දැනටමත් අත්සන් තබා ඇති බවද රවී කරුණානායක මහතා කීය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුනනායක මහතා මේ බව සඳහන් කළේය.
රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද රවී කරුණානායක මහතා මෙහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරීම් කාරක සභාවක් දුන්නැත්තම් ඊළඟපාර අපි ආවොත් ආයෙත් කොල්ල කනවා හරිද?
අනේ මන්දා මේවාට හිනා වෙන්නද අඩන්නද කියලා තේරේන්නේ නෑ. දැන් අර්ජුන මහේන්ද්‍රන් ඇවිත් තවත් මාධ්‍ය ප්‍රකාශයක් කළා නම් හරි මහ බැංකුව කරගෙන යන හැටි ගැන...
ජාතියේ මහා පහන් ටැඹ කියන ලංකා බැංකුවේ පාරිභෝගික සේවා ඇමතුම් ඒකකයට කිසිම වෙලාවක ගන්න බෑ. දැනගන්න තියෙන අන්දමට එම පද්ධතිය ආශ්රිත දත්ත, පරිපථ ප්‍රමාණවත් නැති කතාවක් කියනවා. නිවා හදිසියක් නැතිවූ හෝ සොරාගත් කාඩ්පත් සම්බන්ධ දේකට කතාකරන්න බැරිවුණාම හොරු මුදල් සියල්ල සූරාගන්න කම් අපි අසරණ වෙනවා. බැංකුව කියයි පැමිණිල්ල කලේ නෑ කියලා. මේක බලන්න ඕනෑ නේද?
ලංකාවේ බැංකු කඩපු අයත් මාධ්‍ය සාකච්ඡා තියනවා.
ඔයා ඉතින් බැංකු පිළිබඳ ඔස්තාර්නේ.
කරගන්න දෙයක් නැතිව කරන ප්‍රලාප...
මෙයාට රාජ්‍ය බැංකු සහ ලොතරැයි මණ්ඩලය පිළිබඳව පුදුම ආදරයක් සහ අනුකම්පාවක් තියන්නේ.
නඩුව ළං වෙනකොට හිතට එන සිතිවිලි....
මහ බැන්කු බැන්දුම්කර වන්චා කරපු විදිය ගැනත් කිව්වා නම්? තමුන් කරපු හරිය ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.
ඒ කාලේ ඔයාලා දැගලුවේත් ඕක විකුණන්න තමයි දෙයියෝ...
ඉස්සෙල්ලාම දුන්න බැදුම්කර වංචාව ගැන තේරීම් කාරක සභාවක් දාන්න ආයුබොවන්...
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සහ බැංකුකරණය යනු කුමක්ද? 1. ඔබට මාර්ගගත වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගත නොහැක 2. ඔබට ටින් අංකය මාර්ගගතව ලබා ගත නොහැක. හේතුව ඊමේල් පරිගණක සේවාදායකය server full පිරී තිබීමයි. 3. සියලුම රජයේ පරිගණක servers යල්පැන ගොස් ඇත. සයිබර් ආරක්ෂාවක් නොමැත. මොන්ටිසෝරි පුද්ගලයාට එය හැක් කළ හැකිය. 4. පාරිභෝගික ගැටළු සමඟ කතා කිරීමට ඇමතුම් මධ්‍යස්ථානවල හෝ රජයේ ආයතනවල කාර්ය මණ්ඩලයක් නොමැත. එබැවින් තවත් හැක් කිරීමක් අපේක්ෂා කරන්න. 5. රජයට බදු අය කිරීමෙන් වැඩි මුදලක් තිබේ, නමුත් ඩිට්වා වලින් පීඩාවට පත් වූවන් දැනටමත් කූඩාරම්වල සිටිති. 6. ශ්‍රී ලංකාව පහත වැටී ඇත...