
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව ලෝකයේ සිදුවූ බොහෝ තාක්ෂණික වෙනස් කම් මගහැර ගත් රටක් බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී තනුර දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජාතික ජන බලවේග ආණ්ඩුව රටක් ලෙස බොහෝ පරිවර්තන වලට මුල පුරා තිබෙනවා.අපේ රට ලෝකයේ සිදුවූ බොහෝ තාක්ෂණික වෙනස්කම් මගහැර ගත් රටක්.පසුගිය ශතවර්ශය ගතහොත් ලෝකය වේගයෙන් වෙනස්කම් වලට ගියා. උපායමාර්ගික ලෙස ඒ වෙනස්කම් වලට සමපාත වී ලෝකය සමඟ සම්බන්ධ වී යාමට තිබූ අවස්ථා විශාල ප්‍රමාණයක් අපට මගහැරී තිබෙනවා.අපට තිබෙන අභියෝගය වන්නේ දැන් ලෝකය ගමන් කරන දිශාවට රටක් ලෙස යාමයි.ඒ සඳහා හොඳ ප්‍රතිපත්ති රාමුවක් සකසා ගත යුතුයි.එමෙන්ම මානව සම්පත ඒ සඳහා දියුණු කරගත යුතුයි.රාජ්‍ය යාන්ත්‍රණය පරිවර්තනයකට ලක් කළ යුතුයි. මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ අපේ ආර්ථිකය නවීන ලෝකය සමඟ යා හැකි අයුරින් වෙනස් කරගත්තොත් පමණයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 12 ක හිටියා ජොබ් විසිට් කළා ගොඩක් දුකායි අපේ රටේ ගෙනා අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා අපේ හිටපු පාලකයෝ මිනිස්සුන්ව ලෝකය විවර කෙරුවේ මේකම ඇප දිලා මේකම මැරෙන්න ඇරියා
ඒ සියල්ලටම විරුද්ධ වෙලා කකුලෙන් ඇද්දේ අනුර ඇතුලු ජෙපි හරක් ටික.
නිලධාරීන් හොරකම් කරන්න අපහසු වෙන නිසා තාක්ෂණය සිතා මතාම මග හැරියා...