
(දයාරත්න බණ්ඩාර)
නායයෑමට ලක්වීම නිසා වසා දැමුණු කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් අද (26) උදෑසන සිට වාහන ගමනා ගමනය සඳහා නැවත විවෘත කළ බව පොලිසිය කියයි.
මෙම ප්‍රදේශයේ ඉහළ කඳුමුදුනේ තිබූ විශාල ගලක් පහළට කඩා වැටීමෙන් ආපන ශාලාවක් සහ නිවෙදක් විනාශ වූ අතර ඉන් හය දෙනකුට ජීවිත අහිමි විය. තවත් සිව් දෙනෙක් තුවාල ලදහ. පැවැති අනතුරු දායක තත්වය නිසා එම මාර්ගය පසුගිය 22 වැනි දා සිටි වසා දැමූ අතර අද එහි එක් මංතිරුවක් විවෘත කිරිමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd