අපරාධකරුවන්ට පාස්පෝට් හදන්න අනුබල දුන් තවත් අයෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවන්ට අවධිමත් ලෙස ගමන් බලපත්‍ර සකස් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 13 June 2025
‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් මාට්ටු පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ‘හෑෂ්‘ මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 433 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 100 ක්, මිනුම් උපකරණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(12) සවස අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 13 June 2025
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (13) විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2025
උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ දෙදෙනා සිරගෙට උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඒ මහතාගේ නිවසේදිම ඇසිඩි ප්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධ භාවයට පත් කර අල්විස් මහතා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හමුදා සෙබළකුට සහ මාලූ වෙළෙන්දෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා වසර 30 බැගින් වසර බරපතල වැඩ සහිත සිර දඩුවම් අද නියම කළේය. 12 June 2025
‘‘පුංචි ආණ්ඩු 100ක බලය අපි ගන්නවා‘‘ කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සියයක බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 12 June 2025
සිරකරුවන් තවත් 68ක් අනීතිකව එළියට ගිහින් පසුගිය නිදහස් දින වෙනුවෙන් සහ ඉකුත් නත්තල් දිනය වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය ලද නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 68 ක් අනීතිකව නිදහස් කර ඇති බව නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවැසීය. 12 June 2025
ලංකා ගුරු සංගම් සභාපති ගුරු සේවය තහනම් කරයි උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා විසින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කොට තිබේ. 12 June 2025
කඩාවැටුණු ගුවන් යානයේ එක් මගියෙක් බේරේ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවරදී කඩා වැටුණු ගුවන් යානයේ ගමන්ගත් මගියකු දිවි බේරාගෙන ඇතැයි අහ්මදාබාද් පොලිස් කොමසාරිස් ජී.එස් මලික් මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 June 2025
ඉන්දියාව කැලඹූ ගුවන් අනතුරු අහමදාබාද් නුවර සිදුවුණු ගුවන් යානා අනතුර ඉන්දියාව පමණක් නොව, මුළු ලෝකයම කැලැඹීමට සමත් වී ඇත. මෙය ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි. 12 June 2025
‘‘වසර දෙක තුනකින් විදුලි බිල පහත දමනවා‘‘ අපනයනකරුවන් ජාත්‍යන්තරය සමග තරඟ කිරීමේදී තමාගේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව දන්නා හෙයින් වසර දෙකක්, තුනක් වැනි කාලයකදී දැනට තිබෙන විදුලි බිල ඉහළ පහල යන ක්‍රමය වෙනස් කරමින් විදුලි බිල සියයට 30 කින් අඩුකිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව රජය දැනුම් දුන් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. 12 June 2025
අගමැති මෝදි සොව පළ කරයි එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුර සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඒ, එක්ස් ගිණුම හරහා සටහනක් පළ කරමිනි. 12 June 2025
යානයේ දෝෂයක්දැයි සැකයක් එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටුණේ යානයේ දෝෂයක් නිසා යැයි සැක කෙරේ. 12 June 2025
204 දෙනකුගේ සිරුරු හමුවෙලා අනතුරට පත් වී කඩා වැටුණු එයාර් ඉන්දියා 171 බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි දෙසිය හතලිස් දෙදෙනාගෙන් 204 දෙනකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව අහමදාබාද් පොලිසිය පවසයි. 12 June 2025
මහනුවර නගරසභා රැස්වීම විපක්ෂය වර්ජනය කරයි මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම ආරම්භ වී පැය හතරකට පසුව , නගර සභාවේ ස්ථාවර කාරක සභා අටට පත්කල යුතු නියෝජිතයන් 48 දෙනා අතරට සභිකයන් පත් කිරීමේදී අසාධාරණයක් වූ බව පවසමින් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සභාව වර්ජනය කරමින් සභා ශාලාවෙන් පිටතට ගියහ. 12 June 2025
අකුරණ බලය සජබට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක බහුතර බලයක් හිමි නොවූ අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගය හිමි කරගත්තේය. 12 June 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 11ක් සාමාන්‍ය රාජකාරියට පොලිස් ස්ථානාධිපති තනතුරේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි. 12 June 2025
’’බේකරි නිෂ්පාදන මිල ඉහළ යන්නේ නෑ’’ විදුලිය ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය. 12 June 2025
තුසිත හල්ලොලුවට වෙඩි තැබූ තවත් අයෙක් රඳවා ප්‍රශ්න කරන්න අවසර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු පැය 48ක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (12) අවසර ලබා දුන්නේය. 12 June 2025
දුම්රිය අවලංගු වීමේ දෛනික පාඩුව විගණනයක් කරන්න දුම්රිය අවලංගු වීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය. 12 June 2025
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කළ බව අධිකරණ අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. 12 June 2025
පන්ති කාමරයට අත්තක් කඩා වැටී සිසුවෙක් මරුට: 17ක් රෝහලට බලන්ගොඩ රජවක මහා විදුහලේ ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත් 17කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 12 June 2025
ලබන වසරේ සිට බේත් හිඟයක් නෑ ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 June 2025
දේශබන්දු කමිටුව 16සිට දිගටම වැඩ වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන ත්‍රිපුද්ගල මැතිසභා කමිටුව ලබන 16 සඳුදා සිට දිනපතා රැස්වීමට තීරණය කළේය. 12 June 2025
අසැභි දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සිවුරු දැරු අයෙකුට සිර දඬුවම් පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 12 June 2025
ඉපලෝගම අනතුරින් අයෙක් මරුට අටක් රෝහලට කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එහි රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක තාප්පයේ ගැටිමෙන් 48 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඉපලෝගම පොලිසිය කියයි. 12 June 2025
ලොකු පැටීගෙන් තොරතුරු රැසක් එළියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ලොකු පැටී’’ නැමැත්තා සන්තකයේ පවතින බව කියන ගිනි අවි 6 න් දෙකක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 12 June 2025
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 12 June 2025
කොළඹ-නුවර දුම්රිය ගමන් ඇරැඹේ කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය අසල දුම්රිය මාර්ගයේ සිදුවූ ගිලා බැස්මක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු මහනුවර දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 12 June 2025
පොලීසියේ 34කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34 කුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 12 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026