(අංජුල මහික වීරරත්න)
වේරහැර ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල වල මාර්ගගත (Online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවද අමරසිංහ මහතා සඳහන් කරයි.
තත්ත්වය කඩිනමින් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින අතර එතෙක්, මාර්ග අපගත (Offline) දිස්ත්‍රික් කාර්යාල වල රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන බව අමරසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd