(අමරජීව අමරජිව)

මිනීමැරුම් නඩුවකට පෙනි සිටීමට මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය යමින් සිටි සිව් දෙනකු  ඇතුළු පස් දෙනකු  ඊච්චලම්පත්තු  ඉලංගතුරේ හන්දියේදී අද පෙරවරුවේ කපා කොටා  ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි.

ඇප මත සිටි සිව් දෙනා මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට යෑමට බස් රථයකට නගිද්දී එම ස්ථානයට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් එම සිව්දනකුට සහ බස්රථයේ කොන්දොස්තරවරයාට තියුණු ආයුදවලින් පහරදී ඇතැයි පොලිසිය කියයි. 

බරපතල තුවාල සිදුකර ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි.

මුහුණු ආවරණය කර කළු ඇඳ ගත් අට දෙනකුගෙන් සමන්විත පිරිසක් කඩා වැදි කඩුවලින් මෙම පිරිස කපා කොටා දමා පලා ගොස් ඇති අතර එම පිරිසෙන් දෙදෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයිද ඔවුන් ප්‍රදේශයේ පලා ගොස් සිටින බවද ඊච්චලම්පත්තු පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්.සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.