
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා ගෙන යන ඇළට මොටර් රථයක් වැටි එහි ගමන් කළ තිදෙනකු මියගොස් ඇති බව පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසිය.
මෙම කුණු ඇල ඇති මාර්ගයෙන් කල්මුන දක්වා ගමන් කල හැකි අතර මෙම මාර්ගයේ මොටර් රථය ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් පැමිණ යතුරු පැදියකට ඉඩදිමට ගිය අවස්ථාවේ මොටර් රථය ඇලට පෙරලි තිබේ.
පසුව අවට පිරිස් එක්ව මොටර් රථයේ ගමන් ගත් තිදෙනා ගොඩට ගෙන සයින්දමර්දු අශ්රප් අනුස්මරණ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි තිදෙනාම මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම තිදෙනෙකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd