IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හොංකොං තායිපෝ හි මහල් නිවාසයක මහ ගින්නක්

හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) පස්වරුවේ ඇති වු ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් , 45 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව හොංකොන් බලධාරීන් මාධ්‍ය වෙත නිවේදනය කළේය.

තවත් 279 දෙනකුගේ තොරතුරු අනාවරණය කරගෙන නොමැති බවද වාර්තා වේ.

40 දෙනකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් හතර දෙනකු රෝහලේදී මිය ගිය බව වැඩි දුරටත් නිළධාරීන් පැවසු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායි පෝ දිස්ත්‍රික්කයේ වැන්ග් ෆුක් උසාවියේ මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි අටක මෙම ගින්න ඇති වී තිබේ.

මියගිය පිරිස අතර ගින්න මැඩපැවැත්වීමේදී මියගිය 37 හැවිරිදි ගිනි නිවන භටයකුද සිටින අතර එරට රජය ඔහු කැපවූ සහ නිර්භීත අයකු ⁣ලෙස නම් කර උපහාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන වැන්ග් ෆුක් උසාවියේ ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 800 කට වැඩි පිරිසක් කටයුතු කරමින් සිටියි.

අද උදෑසන වන විටත් සමහර කුළුණු කුටි වලින් තවමත් දුමාරයක් නැඟෙමින් පවතීන බවත් ගොඩනැගිලි අටෙන් හතරක ගින්න පාලනය කර ඇති බවත් නමුත් සමුපුර්ණයෙන්ම ගින්න මැඩ පැවැත්වීමට අද දවසම ගතවනු ඇති බවට ගිනි නිවන දෙපාර්තමේන්තුව අපේෂා කරන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

හොංකොං ගිනි නිවන දෙපාර්තමේන්තුව ගින්න පස්වන මට්ටමේ අනතුරු ඇගවීමක් ලෙස වර්ගීකරණය කර ඇති අතර එය හොංකොංහි දරුණුතම මට්ටමයි. පස්වන මට්ටමේ ගින්නක් අවසන් වරට හොංකොංහි ඇති වී ඇත්තේ මීට වසර 17 කට පෙරයි.

මෙම සිදුවීට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

එයින් දෙදෙනෙක් ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂවරුන් වන අතර එක් අයෙක් ඉංජිනේරු උපදේශකයෙක් බව එරට පොලිසිය වාර්තා කරයි.

ගින්න ඇති වන අවස්ථාවේ නිවාස සංකීර්ණයේ ර්‍ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් තිබී ඇති බවත් ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.

ගින්නට හේතුව සොයා බැලීම සඳහා හොංකොං පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තු කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ප්‍රධාන විධායක ජෝන් ලී පැවසු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හසිනි නවෝද්‍යා

(අන්තර්ජාලය ඇසුරෙන්)

 



අදහස් (0)

හොංකොං තායිපෝ හි මහල් නිවාසයක මහ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site