
(නිමල කොඩිතුවක්කු)
නැවත දැනුම් දෙනතුරු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද(26) රාත්‍රී 10 සිට යළිත් වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
නායයෑමක් හේතුවෙන් දින කිහිපයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ඊයේ පසුවරුවේ සිට යළි විවෘත කරනු ලැබූවත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මීට පෙර මාර්ගය වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මාර්ගය වසා තැබීම හේතුවෙන් පෙර පරිදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම මධ්‍යස්ථානය උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd