IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සජබ තීරණය එජාපය පිළිගනියි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.

එජාප- සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවධාරණය කර සිටී.

එජාප -සජබ එකතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

 



අදහස් (11)

සජබ තීරණය එජාපය පිළිගනියි

matara sunil Wednesday, 26 November 2025 05:48 PM

රනිල් සජිත්ට දෙනවා ලොවෙත් නැති වෙන්න...

:       9       46

අනූ Wednesday, 26 November 2025 05:51 PM

වෙන්ව සිටියොත් පරාජය නියතයි. එක් වුණත් ඒකම තමයි...

:       18       59

Neel Wednesday, 26 November 2025 05:51 PM

ඉදිරියේදී එන මැතිවරණ වලදී රටේම ජනතාවට දැන් ඉතාම පැහැදිලිව හරී තීරණයක් ගැනීම ඉතාම පහසුයි..

:       4       54

janahithaThursday, 27 November 2025 09:06 AM

එය කළ නොහැකිය සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කිරිම මනුෂ්‍ය ගතිය එයට හේතුව

:       0       0

මැක්ස් Wednesday, 26 November 2025 08:45 PM

සාර්ථක රැලියක් නුගේගොඩ පවත්වා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාසට කළ හරියක්!

:       1       0

Saman Wednesday, 26 November 2025 11:02 PM

රට වලපල්ලට දාපු සෙට් එකතුවෙලා හරි බලය ගන්න හදන්නේ. රටේ සල්ලි වලින් ගන්න තිබ්බ සැප, ගත්තු ආතල් ඔක්කෝම ඉවර වෙලා හූල්ලන මොවුන් කොහොම හරි බලය හොයන්නේ. අහුවෙන්න එපා මේ රට කාපු වල් අලි සහ සමාගම් වල අයට...

:       1       1

සුගත් - මහනුවර Thursday, 27 November 2025 01:11 AM

හොරු එක පොකුරක් වගේ එකතු වෙලා. මිනිස්සු බුද්ධිමත් නිසා ආයෙත් එයාලව ඡන්දෙන් එළවලා දාන්න පුළුවන්.

:       1       1

de silva Thursday, 27 November 2025 06:52 AM

ඔය රනිල් ,සාගල , සජිත් , තලතා වැනි පරණ සෙට් එක අස්වෙලා ගිහින් හර්ෂ ද සිල්වා වැනි උගත්, බුද්ධිමත් නායකයින් පිරිසක් සමග ඉදිරියට ගියොත් මිසක් ඔය පක්ෂ දෙකටම අනාගතයක් නැති වෙනවා. දැන් ඉන්න තරුණ පරම්පරාව ඡන්දය දෙන්නේ පක්ෂ, පාට බලලා නොව දෙන ප්‍රතිපත්තිමය පොරොන්දු මත බව පෙනෙනවා.

:       1       1

sakra Thursday, 27 November 2025 06:58 AM

ඔය සජිත් පිලේ ඉන්න අය දැනගන්න ඕන කවදාවත් සජිත් වගේ මෝඩ උද්දච්ච වැඩබැරි ටාසන් කෙනෙන් එක්ක ගමනක් යන්න බැරි බව. ඒ වගේම මේ බව සජබෙට ඡන්දෙ දීපු අයත් තේරුම්ගන්න ඕනෑ. ස්ජබේ ඡන්ද දායකයින් කියන්නේ එජාපයේ හිටපු අයම නිසා ඒ අය ඊළඟ ඡන්දෙදි මේ උද්දච්ච මෝඩයාටයි ඇත්ත තේරුම්නොගෙන එතැන ඉන්න සෙට් එකටයි පාඩමක් උගන්වන්න ඔවුන් දැනගන්න ඕනෑ. නැතිව කවදාවත් සජිත් එජාපය එක්ක එකතුවෙන්නේ නැහැ.

:       0       3

සමන් විමල් Thursday, 27 November 2025 09:51 AM

සජිත් ඔය තැනට ගෙනාවාට නුගේගොඩ රැස්වීම සංවිධානය කල අයට ස්තුති කරන්න ඕන.

:       0       0

KasunK Thursday, 27 November 2025 09:53 AM

වැල් වටාරම් නැතුව නායකයා දෙන්නා කාටද කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site