IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දෙහිබාලේ මල්ලීගේ කෝටි 25ක දේපොළ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශග තව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව‍්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල  තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා ඇතුළු නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම දේපළ තහනම සිදු කර ඇත.

ඒ අනුව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්‍යාලය අසල ඇති කෝටි 5 ක් පමණ වටිනා නිවස සහ ඉඩමද, ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) ධීවර ටෝලර් යාත්‍රා පහක් දික්වැල්ල ධීවර වරායේ නැංගුම්ලා තිබියදි මෙලෙස තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (10)

දෙහිබාලේ මල්ලීගේ කෝටි 25ක දේපොළ තහනම්

කෞෂි Wednesday, 26 November 2025 05:01 PM

මහේෂිගේ උත්සාහයේ එක ප්‍රතිඵලයක්. ඉතාම සතුටුයි. නමුත් තව බොහෝ දේවල් සහ පුද්ගලයින් ඉන්නවා, තියෙනවා හොයන්නයි, රාජසන්තක කරන්නයි, අත්අඩංගුවට ගන්නයි.

:       0       60

ලයන් Wednesday, 26 November 2025 05:09 PM

මෙම මුදල් වෙනම අරමුදලකට බැරකළ යුතුයි. මුදල් රාජසන්තක කළ විගසම, මෙම මුදල් කුඩුවලට ඇබ්බැහි වුවන් පුනුරුත්තාපනයට යොදාගත හැකියි..

:       4       46

පිටිගල මිලානෝ Wednesday, 26 November 2025 06:44 PM

ස්තූතියි මහේෂා…

:       2       38

කව්ද බෝයි Wednesday, 26 November 2025 07:19 PM

"ක්‍රියා විරහිත කර ඇති දේපළකි" කියලා බෝඩ් ගැහුවට, තාම දෙහිබාලේ මල්ලී ක්‍රියා විරහිත වෙලා නෑනේ !!!

:       17       17

දොඩම් Wednesday, 26 November 2025 08:13 PM

දෙහිට තාම බෝඩ් එක එල්ලලා නෑ. ලඟදීම එල්ලයි. මොවුන්ගේ සල්ලි, දේපල තහනම් කලොත් ඔක්කෝම රැස් බහිනවා. ඊට පස්සේ ලුණු දෙහි දාන්න පුළුවන්...

:       0       2

ගමේ එකාලා Wednesday, 26 November 2025 08:25 PM

දූෂිත පව්ල් පාලනේ අය හිටියා නම්, කොටින්ගෙන් අල්ලා ගත්තු, වටිනා සම්පත් රත්තරන් පවා කොල්ලකෑවා වගේ මේවටත් වැඩේ දෙනවා...

:       0       1

අප්පුහාමි Wednesday, 26 November 2025 10:43 PM

හරි දෙයක් කරාම අගයපන්...

:       0       1

BBC Wednesday, 26 November 2025 10:58 PM

ඔය එක්කම නාකොටික් හිටපු සෙට් එකේ ගෙවල් වල සයිස් එක, තියෙන වත්කම් හොයලා රාජසන්තක කරන්න පවුල් ලක්ෂ ගානක් විනාශ කරලා, තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත අපායක් කරලා ගත්තු බෝට්ටු, දකුණේ උන් ඇයි මේ තරම් සල්ලි වලට කෑදර. මේ බෝට්ටු තමයි බඩු ගෙනෙන්න පාවිච්චි කරන්නේ..., රට වටකර මුහුදට හදිසි නීතිය දාන්න...

:       0       2

de silva Thursday, 27 November 2025 07:05 AM

ස්තුති මහේෂා, එකෙක් දෙන්නෙක් එළවන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ.

:       0       0

දයාන් කන්නන් Friday, 28 November 2025 05:01 PM

නෙවිල් වන්නිආරච්චි ගේ දේපල අවුලක් නැද්ද තවම? ඉක්මනින් මේ සියළුම ජඩයන්ට දඩුවම් අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 547 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site