
(කේ බුද්ධික කුමාරසිරි)
කාන්තාවක් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවක දෙසැම්බර් මස 9 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
පන්නිපිටිය විද්‍යාල හංදියේ අලුබෝගහවත්ත පටුමග ආසන්නයේ ජීවත් වූ මිය ගිය වීථි සුනඛයා ඉකුත් නොවැම්බර් 14 දින සැකකාර කාන්තාව පැදවූ මෝටර් රථයේ ගැටී මියගොස් තිබූ බවත් එම වීථි සුනඛයා මිය යෑම සිතාමතා සිදුකළ ඝාතනයක් බවට ප්‍රදේශවාසීන් සහ සත්ව සංවිධාන කොට්ටාව පොලිසියට කළ පැමිණිල්ලක් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඉෂානි සිල්වා නැමැත්තියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන් පාරට පැනලා හැප්පුණාම මැරුණාම මෙහෙම රිමාන්ඩ් කරනවා නම් ඒක පුදුම නීතියක්නේ. බල්ලන් බැදලා ගෙදර තියාගන්න.
එතකොට බල්ලාව අයාලේ යවපු මිනිස්සුන්ට දෙන දඬුවම මොකක්ද?
ඇසින් දුටු අය කියන්නේ බල්ලා බේරාගෙන යාමට කිසිත් උත්සාහයක් නොකොට සතාව අනිවාර්තයේ හප්පා මරා දැමූ බවයි. නීතිය සතුන්ටත් පොදු විය යුතුයි. මේ බල්ලාට අයිතිකාරයෙක් නැති බවත් අයාලේ යන සතෙක් බවත් පැවසෙනවා.
කැකිල්ලෙ රජතුමාගෙ නඩු තීන්දු වගේ..ඇයි අර අඹ ගෙඩි තුනේ තීන්දුව
මිනිස්සු හප්පලා මරලා ඊළග දවසේ ඇපපිට එළියේ...
වාහනයට අලාභහානියක් වුණාද කියලත් සොයාබැලිය යුතුයි. බොහෝවිට අනතුරේ ස්වභාවය දරුණු වෙන්නේ සතෙකු බේරාගන්න යාමෙන්...
පොදු දේපළ පනත යටතේ දාපු නඩුවක් වගේ...
නඩුව දාලා තියෙන්නේ කවුද?
අඩේ මාරයිනේ... අර පුරාවිද්‍යාත්මක බෝඩ් ගලවපු අයටත් ඇප ලැබුණා. මේ පාර යන බල්ලෙක් හැප්පිලා මැරුණා කියලා රිමාන්ඩ්.
ජීවත් වීමේ අයිතිය හැමෝටම තියෙනවා. අහිංසක සතුන් මිනිස් කුරීරුකම් වලට ගොදුරු නොවිය යුතුයි.