(සුජිත් හේවාජුලිගේ )

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා  යුද හමුදාපතිවරයාට උපදෙස්දී ඇත

ඒ අනුව  20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බව  යුද හමුදා මූලස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් ඊයේ දිනයේදී මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර ඇත.