‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය වසා දමන්නයි හිටපු නියෝජ්‍ය ඇමැති කියයි අතුරුදන්වීමේ කාර්යාලය රණවිරුවන්ට විරුද්ධව සාක්කි මවන ෆැක්ටරියක් බවට පත්ව ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(19) කොළඹදී පැවසීය. 19 December 2017
බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි. 19 December 2017
ලක්ෂ 60 දුරකතන තොගයක් ගුවන් තොටෙන් අල්ලයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිව,නීතිවිරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි. 19 December 2017
පැරණි කොටි කඳවුරෙන් සීඩීපට මතුවෙයි කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 19 December 2017
මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යෑමට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූ බව ගුවන් මගීහු පවසති. 19 December 2017
නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 19 December 2017
ජංගම දුරකථන සහායෙන් සාපෙළ ලියූ සිසුන් ගැන පරීක්ෂණ සීඅයිඩියට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් ආධාරයෙන් පිළිතුරු සැපයූ බව කියන සිසුවාගේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 19 December 2017
යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අලිමංකඩ, කට්ටුවාන්කොට්ටි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි කිලිනොච්චි පොලීසිය පවසයි. 19 December 2017
පෙළපාළි නැවැත්වීමට බැරිවීම ගැන කරුණු විමසයි පළාත් පාලන මැතිවරණය සඳහා පළමු අධියරේ නාමයෝජනා භාර ගත් අවසන් දිනයවූ සිකුරාදා නීති විරෝධී පෙළපාළි පැවති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. 19 December 2017
උණ රෝගය නිසා රජරට සරසවිය වැසේ රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් වහාම වසා දැමිමට එහි පාලන අධිකාරිය අද(19) පියවර ගනු ලැබිය. 19 December 2017
ගිනි අවියක් සමඟ තිදෙනෙක් ගාල්ලෙන් අත්අඩංගුවට ගාල්ල සමුද්‍ර මාවතේ ජාකොටුවැල්ල ප්‍රදේශයේදී අද (19) අලුයම කරන ලද සැක කටයුතු වාහන පරීක්ෂාවකදී මි.මි.9 උණ්ඩ යොදන රිවෝල්වරයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 19 December 2017
ලක්ෂ 10ක හොර මත්පැන් අල්ලයි උත්සව සමයේ අලෙවි කිරීම සඳහා වෑන් රථය ප්‍රවාහන කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ට ආසන්න වටිනා නීති විරෝධී විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද (18) බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 18 December 2017
මුවමස් සමඟ අයෙක් සැකපිට කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේදි ගමන් මල්ලේ මුව මස් රහසේ සඟවාගෙන බස් රථයකට නැගිමට සිටි සැකකරුවකු පුත්තලම කොට්ඨාස රථවාහන නිළධාරින් ( 18 ) දින අත් අඩංගුවට ගත් බව කියයි. 18 December 2017
වෛද්‍ය සභාවේ ඡන්ද ඉල්ලුම් පත්‍ර හොරෙන් බලලා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාල තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර තොගයක් බලහත්කාරයෙන් පරීක්ෂා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව අද (18) මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. 18 December 2017
යසපාල කෝරළගේ ජනපතිට සහාය පළ කරයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට එක්විය. 18 December 2017
පෙළපොත් මුදලට විකුණන බව ලංකා ගුරු සංගමය කියයි පාසල්වල පෙළ පොත් අවශ්‍යතාවයෙන් අඩක් පමණක් සපයන අධ්‍යාපන අමත්‍යංශය ඉතිරි පොත් මුදලට මුදලට විකුණන්නේ යැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 18 December 2017
තායිවාන් නව නිපැයුම් තරගයෙන් ලංකාවට ජය තායිවානයේදී පසුගියදා පැවති කා ඕෂියුං ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිව තිබේ. 18 December 2017
නැකැත් නැතැයි කියමින් නිවාස හැදීම ප්‍රමාද කරති ගංවතුරින් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය දී මුදල් ලබා දීමට ද කටයුතු කර තිබිය දී නැකැත් නැතැයි කියමින් නිවාස සෑදීම ප්‍රමාද වී ඇතැයි අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 18 December 2017
ගොවිජන මධ්‍යස්ථානවලට පොහොර මෙට්‍රික් ටොන් 7000ක් ගොවිජන මධ්‍යස්ථාන 100ක් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් අද(18) බෙදා හැරුණු බව ලංකා පොහොර සමාගම පවසයි. 18 December 2017
පාසල් පොත් බෙදා දෙන්න මැතිවරණ කොමිසමට එන්න කියයි මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමට මැතිවරණ නීතිරිති හමුවේ සිදු කළ නොහැකි බවට එම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අඹන්ගගකොරේදී අද (18)නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. 18 December 2017
වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක් අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 18 December 2017
වී සොරුන්ට ඇප හිගුරක්ගොඩ කවුඩුල්ල ගම්මානයට වී මිලදි ගන්නා මුවාවෙන් පැමිණ වංචනික ලෙස වී සොරකම් කළැයි කියන ව්‍යාපාරික පිරිසක් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපමත නිදහස් කිරීමට හිඟුරක්ගොඩ දිසා අධිකරණය නියෝග කළේය. 18 December 2017
ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජගත් පී. විජේවීර මහතා අද (18) එහි රාජකාරී කටයුතු ආරම්භ කළේය. 18 December 2017
මන්ත්‍රී සකවුල්ලා ශ්‍රීලනිපයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම්. සකවුල්ලා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්විය. 18 December 2017
සෞදියේ මියගිය කතගේ දේහය ලබන සතියේ ලංකාවට සෞදියේ සේවය කළ නිවසේ උඩු මහලෙන් ඇද වැටී ඉකුත් නොවැම්බර් 11 දා මියගිය දඹුල්ලේ නෙල්කා දීපානි කුමාරසිරි ගේ දේහය ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 18 December 2017
දළ ඇතා මැරූ ගොවියාට ඇප නෑ විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගොවියකු ඇප මත මුදා හැරීම කැකිරාව දිසා විනිසුරු සහ මහ්සේත්රාත් දුලාන් වීරවර්ධන මහතා අද(18) ප්‍රතික්ෂේප කළේය. 18 December 2017
පුංචි ඡන්දය පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය. 18 December 2017
පිං කැටය කඩා පැනයද්දී දිට්ඨධම්මවේදනීය කර්මය පළදෙයි කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව රෝහල් ගත කරනු ලැබ ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 18 December 2017
ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය. 18 December 2017
ගිනි අවි සමග හිටපු සෙබළෙක් අත්අඩංගුවට ගිනි අවි තුනක් හා උණ්ඩ 34ක් සමග හිටපු හමුදා සෙබළකු හෝමාගම, පිටිපනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026