හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය. 15 December 2017
ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 15 December 2017
අල්ලස් ගත් පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ් රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය බාරයේ ඇති රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් 3000 ක අල්ලස් ලබාගත් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
ලෝටස් පාර තාවකාලිකව වසයි විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සහ කොළඹ ලංකා බැංකුව පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. 15 December 2017
ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක් ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 15 December 2017
බකමුණේ ගොවීහු පාරට බසති මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා තම කුඹුරු වලට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු අද (15) බකමුණ නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 15 December 2017
අලුත හැදු නිවසක අභිරහස් මරණයක් බදුල්ල මහ රෝහලට නුදුරින් පිහිටි ගුරන්දවත්තේ නිවෙස් සමූහයක් මැද පිහිටි අලුතින් හදන නිවාස ගොඩනැගිල්ලක් තුළදී අභිරහස් ලෙස මරණයට පත්වූ පුද්ගලයකුගේ සිරුරක් අද (15) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 15 December 2017
ශි‍්‍රයාණි විජේවික්රමට පළාත් සභා රාජ්‍ය ඇමැති පුටුවක් පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශි‍්‍රයාණි විජේවික්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය. 15 December 2017
ගෘහ සේවිකාවගේ දේහය සෞදියේ සිරවෙයි සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්රාතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසෙකටත් පමණ කාලයක් ගත වී ඇතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රාදේශයේ පුතෙක් හෙළි කළේය. 15 December 2017
කල්පිටි වැලි නිධියකින් කැණිම් කළ තුනක් පොලිස් දැලේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල ජුබිලි මාවතේ පිහිටි වැලි නිධියකින් වැලි කණිමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 December 2017
ශ්‍රී ලංකාව ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නංවයි බිම්බෝම්බ වලින් තෝර ලෝකයක් සඳහා 1997 වසරේදී අත්සන් තබන ලද ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර තිබේ. 14 December 2017
නාමයෝජනා ගන්නා ස්ථානවලට උපකාරක සේවාවක් නාමයෝජනා බාර ගන්නා සෑම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව මඟින් උපකාරක සේවාවක් (Help Desk) ක්‍රියාත්මක කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 14 December 2017
මැතිවරණ ප්‍රචාර වලට පොලිතින් තහනම් පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (14) දැනුම් දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග කියයි. 14 December 2017
පොලිස් නිලධාරීන් 24කට ස්ථාන මාරුවීම් පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී උසස් පොලිස් නිලධාරීන් 24 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 14 December 2017
පවතින වැසි හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක් පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 14 December 2017
තංගල්ලේ ගැටුමකින් එක් අයෙකුට තුවාල ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය තංගල්ල රැකව ප්‍රදේශයේදී ආරම්භ කළ කකුළු ව්‍යාපෘතියකට විරෝධය දැක්වු ප්‍රදේශවාසීන් හා ඊට සහය දැක්වු පිරිසක් අතර අද (14) ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 14 December 2017
බුලත්සිංහල කෝන්ගස්තැන්න නායයයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේ ඉංගිරිය-ඈගල්ඔය මාර්ගයේ ,හල්වතුර හන්දිය ප්‍රදේශයේ මීටර් 50-60 ක ප්‍රදේශයක පස් කන්දක් නායගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 14 December 2017
ගමන් බලපත්‍රයට මයික්‍රෝ චිපයක් එක් වෙයි ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නව ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ බියගම පිහිටි තෝමස් ඩි ලාරූ ආයතනයේදී මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 December 2017
නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ. 14 December 2017
සුදු හදුන් දැව කිලෝ 57 ක් වාඩියගොඩින් අල්ලයි සුදුහදුන් දැව කිලෝ පනස් හතක් (57) වාඩියගොඩ පට්ටියගම ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදි ගලහ පොලීසිය අද (14) දින අත්අඩංගුවට ගෙන ඇත. 14 December 2017
රංජන්ට එරෙහි නඩුවේ විද්‍යුත් මාධ්‍ය සාක්කි ඉල්ලයි විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බවට සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍යපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතනයට අද(14) නියම කළේය. 14 December 2017
මැතිවරණ කෙටුම්පතට එරෙහි පෙත්සමේ නියෝග ප්‍රකාශය පසුවට පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර ඉදිරිපත් කිරීම මඟින් තමන්ගේත් රටේ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ගොනු කොට ඇති පෙත්සම් සම්බන්ධයෙන් වු නියෝග පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) දැනුම් දුන්නේය. 14 December 2017
‘කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි‘ කොළඹ ලෝක උරුමය නගරයක් ලෙස හඳුනාගත යුතු බව ලෝ ප්‍රකට සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පිනි අභා නරායින් ලම්බා ‘සජීවී උරුම’ සමුළුව අමතමින් පැවැසුවාය. 14 December 2017
පොහොට්ටුව මහරගමින් හැළෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි. 14 December 2017
බණ්ඩාරගම පුස්තකාලයෙන් මුදල් සොරාගෙන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මහජන පුස්තකාල කාර්යාලයේ තිබූ රුපියල් 73000ක් සොරකම් කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. 14 December 2017
මැතිවරණ පැමිණිලි 4 ක් පොලිසියට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර අද (14) දක්වා මැතිවරණ පැමිණිලි 4 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. මෙම පැමිණිලි වලට අදාළව සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි. 14 December 2017
ලොව හොඳම නිරූපණ ශිල්පියාට ගමෙන් හරසර ලොව රටවල් 174 ක් අතරින් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂ ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. 14 December 2017
ලක්ෂ 10ක ගංජා සමඟ කෙසෙල්වත්තෙන් අයෙක් අල්ලයි කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 10 ට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් පිටකොටුව පොලිස් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබිණි. 14 December 2017
නිවසකට කළ ගිනි තැබීමකින් රථවාහන 6 ක් විනාශයට අනුරාධපුර තිසා වැව වන්දනා පාර ප්‍රදේශයේ පදිංචි මල් වෙළෙන්දෙකුගේ නිවසේ නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු රථවාහන කිහිපයකට අද (14) අලුයම ගිනිතබා රුපියල් ලක්ෂ පනහකට වැඩි අලාභයක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබු බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. 14 December 2017
දළ පුට්ටුවා ඝාතනයට සැක ඉංජිනේරුවාත් හිමිනමත් සොයයි ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප්‍රදේශයේ වාරිමාර්ග විධායක ඉංජිනේරුවරයකු සහ පොල්පිතිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් අත් අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසිය මූලික විමර්ශන අරඹා ඇත. 14 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026