(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් යන අයගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම හේතුවෙන් එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා අද (25) අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපති නිතීඥවරයා විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ පැවැත්වූ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ අදහස ලබන නඩුවාරයේදී ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් අධිකරණය සැකකරුවන් දෙදෙනා වූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පසු කොළඹ මහාධිකරණය මෙන්ම අභියාචනාධිකරණයෙන් ද එම ඇප ප්‍රතික්ෂේප කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුවේ සල්ලි නිසා අද මුළු රටේම ජනතාව ආතතියෙන්. ඒ නිසා ඔහේ තව ටිකක් හිටපු දෙන මේක ඉවරවෙනකන් නේද?
කොහොමද රටේ මිනිස්සුන්ට දුන්න ආතතිය.
ඇලෝසියස්ලා නිසා අපි ඔක්කොම ඉන්නෙත් ආතතියෙන්
එහෙනම් හිරේ ඉන්න හැම කෙනාගේම දරුවෝ ගැහැණු ඉන්නේ ආතතියෙන් තමයි. සේරටම ඇප දීලා ගෙදර යවන්න. ගෙදර යවලා බන්ධනාගාර සේරම වහලා දාන්න.
ආ ! එතකොට මේ විදියටම නීතිය ඉදිරියේ චුදිතයන් බවට පත් වුන අවශේෂ රටවැසියන්ගේ අඹු දරුවන්ට මානසික ආතතියක් නැද්ද ? අනේ පොඩ්ඩකට අමතක වුනා. මේක ලංකාවනේ ! අඹු දරුවනුත් ඔවුන්ගේ දුක් කම්කටොලුත් එක එක පැලන්ති අනුව වෙනස් වෙනවානේ.
ඉදිරියේදී දඬුවම් ලැබුණත් මොනවාද වෙන්නේ? මෙහම කී දෙනක් අද සිරගත වෙලා ඉන්නේ? එහමනං හිර ගෙවල්වල් වහන්නයි වෙන්නේ. වරන්තු පිට ඉන්න මාමණ්ඩිය කොහෙද? මේක සුළු සුළු අලාභයක්ද?
හැම කසාද බැදපු හිරකාරයෙක්ගේම බිරින්දෑවරු සහ දරුවන් මානසික ආතතීයෙන්, නොබදපු අයගේ දෙමව්පියෝ මානසික ආතතියෙන්. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්. මාර ඉල්ලීම්.එහෙනම් ඉතින් හිරකාරයෝ ගෙදර යවල අධිකරණ සහ හිරගෙවල් වහල දාමු.
එතකොට මෙයාගේ වැඩ නිසා රටක් ආතතියෙන් පෙලෙන එකට මොකද කරන්නේ. ඒ සල්ලි නැවත අරගෙන මෙවැනි හොරකම් නොකරන්ට මෙයාලට දඩුවම් දෙන්ට ඕනේ. මෙයාල හරි ලොකු මිනිස්සුනේ. දැන් බලුකුදුවේ ලගිනකොට තම කට්ටියට ආතතිය.
මෙවැනි දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ මේ දෙපළ විතරක් නෙවේ. අනෙක් පිරිසගේ බිරින්දෑ වරුන් සහ දරුවන් ආතතියෙන් නොපෙලෙන්නේද ? එසේත් නොමැතිනම් ජනාධිපති නිතීඥවරු අල්ලාගැනීමට මුදල් නොමතිනිසා ඒ පිරිස ආතතියෙන් නොපෙලෙන්නේද ?
මේ හොරු නිසා මුළු රටටම ආතතිය. දෙන්න එපා ඇප. මාමාට දෙවැනි නැහැ බෑනා. ආතතිය නම් මාමාට ලංකාවට එන්න කියන්න.
මෙයා වංචා කරපු නිසා රටේ පොදු ජනතාවත් මානසික ආතතියෙන් පෙළෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු සෑම දේවලම මිල අධික නිසා කුඩා දරුවා ගේ පටන් මහල්ලා දක්වා අධික මානසික පිඩාවට පත් වෙලයි ඉන්නේ. එතන දෙන්නයි රටේ අනිකුත් වැසියන්? ,
ඔබ නිසා රටම ආතතියෙන්..
ඔබතුමන්ලා නිසා රටේ බොහෝ දෙනෙක්ට ආතතිය.
ඕක මහා ලොකු අසනීපයක් නෙවි. හැමෝටම වගේ ඔය වගේ ඉහෙන් බහින ලෙඩ තියෙනවා මේ කාලේ.
මොවුන්ගේ වැඩ නිසා මුළු රටේම ජනතාව ආතතියෙන්!
එත්...........මෙයාල නිසා මුලු රටේම මිනිස්සු අද ආතතියෙන් එනිසා මේ වන අයට ඇපදෙන්න පෙර දෙපාරක් හිතුවොත් නරකද.