IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව

 

සියලුම බන්ධනාගාර  සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ  තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට  කටයුතු කර  ඇතැයි  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.


මෙහි පළමු අදියර වශයෙන්  මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආරක්ෂාව ලබා දී ඇති අතර  අද (25) සහ හෙට (26) දිනයන්හිදී  තවත් බන්ධනාගාර තුනක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට  කටයුතු කර  ඇතැයි  අමාත්‍යංශය පවසයි.


ඒ අනුව  මහර, වැලිකඩ හා  කොළඹ රිමාන්ඩ්  යන බන්ධනාගාරවල  පිටත ආරක්ෂාව සඳහා  මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.


එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු  ඔවුන් විසින් සිදු කරනු ලබන අතර  සෙසු බන්ධනාගාර සඳහා ද  පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය සඳහන් කළේය.

 
කෙසේ නමුත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින පොලිස් විශේෂ බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින්  රැඳවියෝ උද්ඝෝෂණයක්ද කළහ.

(36698)

 



අදහස් (3)

බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව

d.upul Thursday, 25 October 2018 07:54 AM

මෙය ඉතා කාලෝචිතයි, බන්ධනාගාර ජේලර්වරුන් කුඩු පැකට් කරන තැන්වල දී හමුවන නිසා.

:       0       29

shan saudi Thursday, 25 October 2018 08:41 AM

ඉතාම හොද තීරණයක් පිටතින් පැමිණෙන පුද්ගලයන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂාවට ලක්කළ යුතුයි.... මත්ද්‍රව්‍ය සඳහා පිවිසීමේ දොරටුවේ ඒ සදහා පුහුණු සුනඛයන් යොදවා පරීක්ෂා කල යුතුය ගෙන එන අාහාරමය ද්‍රව්‍ය ස්කෑනරයක් හරහා පරීක්ෂාවට ලක් කල යුතුය බන්දනාගාරවල වල මත් ද්‍රව්‍ය ලබාදීම එම ආයතනවල සමහර නිලධාරීන්ම සිදු කරයි මොනම ආකාරයේ බලපෑම් හෝ බලවේග පැමිණියත් මේ තීරණය අඛණ්ඩව පත්වගන යාමට ජනපතිතුමා කටයුතු කල යුතුය...........

:       0       33

Samathasena A . Aluthgamage.Friday, 26 October 2018 03:29 AM

ඔබතුමාගේ අදහස් වලට මාද එකඟයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site