මාළු වෙළෙන්දා මැරු දෙන්නා රණාලින් අත්අඩංගුවට මෝදර ජෝන්වත්තට හැරෙන හන්දියේ මළ ගෙයක සිටි පුද්ගලයකුට ඉකුත් (8) අලුයම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රණාල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි. 14 December 2017
හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි පුත් හිටපු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් (කෙසෙල් ඇවරිය ලකුණින්) නාමයෝජනා බාර දුන්නේය. 14 December 2017
හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 29 ක් ආපසු එවති නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු, එරටින් පිටුවහල් කර අද (14) යළි ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි. 14 December 2017
කින්නියාවේ සිසුන් 15 කට සාපෙළ අයැදුම් පත් නෑ ත්‍රීකුණාමලය - කින්නියා ප්‍රදේශයේ දරුවන් 15 දෙනකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119ට තොරතුරක් ලැබී ඇතැයි පොලිස් ආරංචි පවසයි. 14 December 2017
මිනින්දෝරු සේවකයෝ විරෝධතාවකට සැරසෙති මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් හෙට (15) විරෝධතා ක්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි. 14 December 2017
වයස්ගතම හිටපු මන්ත්‍රී දිවියෙන් සමුගනී ජීවතුන් අතර සිටි ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සැලකුණු කුරුණෑගල දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද(14) අභාවප්‍රාප්ත විය. 14 December 2017
මාමාට පිහියෙන් ඇන මැරු බෑනා අත්අඩංගුවට දංකොටුව - දුම්මලකොටුව ප්‍රදේශයේදී තම මාමාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන බෑනා කෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය කියයි. 14 December 2017
එක්දරු පියකුගේ සිරුර කටුගස්තොටින් හමුවෙයි අභිරහස් ලෙස ඝාතනය කළ බවට සැක කරන 29 හැවිරිදි එක් දරු පියෙකුගේ සිරුර කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් උගුරැස්සපිටිය පාලම යට ඇළේ තිබී පොලීසිය මගින් අද(14) සොයා ගෙන ඇත. 14 December 2017
ඇමැති 3 කට එරෙහි විශ්වාසභංග නව වසරේ න්‍යාය පුස්තකයට ඇමැතිවරුන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 14 December 2017
ගූගල් සමාගම වෙතින් චීනයට කෘත්‍රීම බුද්ධිය තාක්ෂණික සේවා සීමා කර ඇති රටක් වන චීනය තුළ කෘත්‍රීම බුද්ධි (ඒ.අයි) පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ලෝ ප්‍රකට ගූගල් සමාගම් තීරණය කර තිබේ. 13 December 2017
තහනම්දැල් 12 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට හුරුළුවැවේ තහනම්දැල් භාවිතාකරමින් මාළු ඇල්ලු ධිවරයන් තිදෙනෙකු තහනම්දැල් 12 ක් සමඟ ජලජීවි වගා ව්‍යාප්ති නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අද (13) හුරුළුවැවේ සිදුකල මෙහෙයුමකදි මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනිමට හැකිවි ඇත. 13 December 2017
ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු පරීක්ෂණයෙන් අසමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වා ඇති ගුවන් යානා ඉන්ධන තොගයක් පළමු තත්ත්ව පරීක්ෂාවේදී අසමත් වී ඇති බව වාර්තා වේ. 13 December 2017
අමාත්‍යංශ 6 කට නව ලේකම්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ හයක් සඳහා නව ලේකම්වරු පත් කරනු ලැබ සිටිති. 13 December 2017
පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් යළි රිමාන්ඩ් ගිනි අවි ආඥා පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් මන්ත්‍රී රන්දීර ආසිරි රුද්‍රිගු ඇතුළු සැකකරුවන් 8ක් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(13) නියෝග කළාය. 13 December 2017
තෙල් වර්ජනයක අවදානම යළිත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත් ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි. 13 December 2017
කරුණාතිලක අමුණුගම කළුරිය කරයි විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන කරුණාතිලක අමුණුගම මහතා අද(13) අභාවප්‍රාප්ත විය. 13 December 2017
මනෝ ගනේෂන්ගේ අවසන් තීන්දුව හෙට පළාත් පාළන මැතිවරණයේදී ඒ ඒ පළාත් වලට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් තීන්දුවක් ගන්නා බව දෙමල ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. 13 December 2017
පොලිසියෙන් කට්ටි පැන්න සැකකරු කටුනායකදී දැලේ හෙට්ටිපොළ පොලිස් වසමේ දී ළමා අපයෝජනයක් සිදුකිරීම සහ සොරකමක් සම්බන්ධයෙන් ඇති චෝදනාවන්ට පොලිසිය මගහැර විදේශ ගතවීමට තැත්කළ අයකු අද(13) කටුනායකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 13 December 2017
මැලේසියානු අගමැති ලංකාවට මැලේසියානු අග්‍රාමාත්‍ය දාතුක් සේරී නජීබ් රසාක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින්නේ යැයි එරට පුවත්පත් වාර්තා කරයි. 13 December 2017
බෑනා මාමාට පිහියෙන් ඇන ඝාතනය කරයි දංකොටුව - දුම්මලකොටුව විජේරත්නවත්ත ප්‍රදේශයේ නිවෙසක අද (13) ඇතිවූ පවුල් ආරඅවුලක් හේතුවෙන් සිය බෑනාගේ පිහි පහරකට ලක්වූ මාමා කෙනකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය කියයි. 13 December 2017
ස්වේච්ඡා බලසේනාවේ කලා ශිල්පීන් හිටියා - හමුදා මාධ්‍ය ප්‍රකාශක ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය. 13 December 2017
ගිනස් පොතට ගිය නත්තල් ගසේ සහතිකය අගමැතිට පිළිගන්වයි ලොව විශාලතම කෘතීම නත්තල් ගස නිර්මාණය කරමින් තැබු ගිනස් වාර්තාවේ පිරිනැමීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වන ලදි. 13 December 2017
අඹගමුව පෙත්සමට නීතිපති උපදෙස් අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පළාත් පාළන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු විසින් පවරා ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතීපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට රජයට අද(13) අවසර දුන්නේය. 13 December 2017
ලක්ෂ 30ක ගංජා සමග අයෙක් සැකපිට රුපියල් ලක්ෂ 30 ට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග ජවාරම්කරුවකු කොටහේන ගුණානන්ද මාවතේ දී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද(13) අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි. 13 December 2017
ඵෙතිහාසික ස්ථාන සංරක්ෂණයට කැමැති අයට රජයෙන් මූල්‍ය අනුග්‍රහය ඓතිහාසික ගොඩනැගිලි ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට කැමැති පිරිස්වලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) කොළඹදී පැවැසීය. 13 December 2017
හෙරොයින් ළඟ තබාගත් අයකු දිවි ඇතිතෙක් හිරේට හෙරෝයින් මත්කුඩු ග්‍රැම්ස් 51.4ක ප්‍රමාණයක් සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වු විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා අද(13) ජිවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කරනු ලැබීය. 13 December 2017
‘විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කළ යුතුයි‘ - අකිල විරාජ් විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එම අධ්‍යයන ක්‍රමවේදයන් සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (13) ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ක් සඳහා කැබ් රථ ප්රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය. 13 December 2017
දුම්රිය - අධ්‍යාපනය හා සෞඛ්‍ය සංවෘත සේවාවන් වෙයි දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවෘත සේවාවන් බවට පත්කිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 13 December 2017
විල්පත්තුව රැක ගැනීමට කලාකරුවෝ පෙරට එති විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණය පමණක්වත් රැක ගැනීමට ජාති ආගම් භේද වලින් තොරව සියලූ මට්ටම්වල ජනතාව එක් විය යුතු යැයි ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය. 13 December 2017
මුස්ලිම් ජාතික සන්ධානය පොළොන්නරුවට නම් දෙයි පළාත් පාලන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවට තරග කිරීමට මුස්ලිම් ජාතික සන්ධානය අද(13) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතාට නාම යෝජනා භාර දෙනු ලැබිය. 13 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026